sri-lanka-england-world-cup-2023

ලෝක කුසලාන ක්‍රිකට් 2023 තරගාවලිය යටතේ බෙංගලරුහි පැවති එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව අද ජයග්‍රහණය කළේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත පිල ලකුණු 156 කට දැවී ගියේ 33.2 ඕවරයේදීය. වැඩිම ලකුණු ලාභීන් වූයේ ස්ටොක්ස් 43 හා බෙයාර්ස්ටෝ 30 පමණි.
ශ්‍රීලංකා පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු 3 ක්  කසුන් රාජිත කඩුළු 2 ක් හා ඇන්ජලෝ මැතිව්ස් කඩුළු 2 ක් ලබා ගත් අතර මහීෂ් තීක්ෂන කඩුළු 1 ක් ලබාගත්තේය.
දෙවනුව පන්දුවට පහරදීමට පැමිනි ශ්‍රීලංකා පිලේ මුල්කඩුළු දෙක (kusal janith 04 ,kusal mendis 11)අඩු ලකුණු ගණනට දැවී ගියද පැතුම් නිශ්ශංක (77 )හා සධීර සමරවික්‍රම ( 65)එක්ව ලකුණු සියය ඉක්මවූ විශාල සබඳතාවක් පවත්වා ජයග්‍රහණයට අවශ්‍ය මාවත විවර කළහ.
ශ්‍රී ලංකාව එංගලන්ත පිලේ ලකුනු ගණන අභිබවා ගියේ 25 වන ඕවරයේදීය.