sri-lanka-loss-silver-in-aan-games-mixed-4x400m

වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව ලැබී අවාසනාවන්ත ලෙස එය අද අහිමිවිය.


චීනයේ පැවැත්වෙන 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 4x400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද එය නීතිවිරෝධී  ආකායට සිදු කළ බව පසුව සිදු කළ විමර්ශනයකින් අනාවරණය විය.තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම නිසා එම වරද සිදුවිය.


ඒ අනුව ලබාගත් පදක්කම නොලැබ ගිය අතර ඒ වෙනුවට ඊට පහළ සිටි ඉන්දීය කන්ඩායමට රිදී පදක්කම හිමි විය.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
මෙම ඉසව්වේ මුල් තැන බහරේන් රාජ්‍යයට හිමිව තිබුණි.