stf-2-deaths

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
ඊයේ (09) රාත්‍රි 9.30ට පමණ එම අනතුර සිදුව ඇත.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.



පොලීසිය පැවසූවේ වර්ෂාව පැවති අවස්ථාවේ, පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවය.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩුකන්ද කදවුරේ සේවය කළ  මැදවච්චියේ  පදිංචි එස්. ප්‍රදීපන හා කුරුණෑගල පදිංචි මදුසංක නැමති නිලධාරීන්   දෙදෙනෙකි.



මඩුකන්ද කදවුරේ නිලධාරීන් පිරිසක් රාත්‍රී වවුනියාව නගරය දෙසට එම ජිප් රථයේ ගමන් කරමින් සිටියදී වර්ෂාව නිසා මහා මාර්ගයේ නිදා සිටි ගවයින් කුලප්පු වී පාරේ එහා මෙහා ගොස් තිබේ.  එක් ගවයෙකු ජීප් රථයේ  ගැටීමෙන් මෙම අනතුර සිදු වී අති අතර ජීප් රථයේ ගැටුණු ගවයාද එම ස්ථනයේදීම මිය ගොස් ඇත.

මේ අවස්ථාවේදී ජීප් රථය රියදුරාගේ පාලනයෙන් ඉවත්ව ගොස්  අසල වූ තාප්පකය ගැටී ඇති අතර ජිප් රථයට දැඩි ලෙස හානි සිදුව තිබේ.