sumo-wrestlers-force-airline-add

සුමෝ මල්ලවපොර ක්‍රීඩකයින් කණ්ඩායමක් ජපන් ගුවන් සමාගමකට ඔවුන්ගේ සේවයට අමතර ගුවන් සේවාවක්  එක් කරන ලෙස ඉල්ලා සිටි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ඉල්ලා සිටියේ  එම මල්ලවපොර කණ්ඩායම ගුවන් යානයේ බර සීමාවන් ඉක්මවා යනු ඇතැයි යන බියෙනි.
ගුවන් සමාගමද  පැවසුවේ එම  ක්‍රීඩකයන්ගේ බර නිසා  යානාවේ  බර වැඩිවී  ගමන් කිරීමේ අපහසුතා ඇතිවේ යයි බිය වන බවයි.
ඔවුන් තවදුරටත් කියා සිටියේ “අපි ගුවන් ගමන් සැලැස්ම සකස් කරමින් සිටින විට, සුමෝ මල්ලවපොර ක්‍රීඩකයින් සඳහා බොහෝ වෙන් කිරීම් ඇති බව අපට පෙනී ගියා.

එසේම "අපි ඔවුන්ගේ බර පරීක්ෂා කළ විට, ගුවන් යානය බරින් වැඩි විය හැකි බව අපට හැගුණා.නමුත් බර සීමා කිරීම් හේතුවෙන් විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම "අතිශය දුර්ලභ" තත්වයක්."
මල්ලවපොර ක්‍රීඩකයින් 450 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ටෝකියෝ සහ ඔසාකා සිට අමාමි ඔෂිමා දූපතේ තරඟයකට පියාසර කිරීමට උත්සාහ කරමින් සිටියහ.
එහෙත් එම  ගුවන් තොටුපළ විශාල ගුවන් යානා හැසිරවීමට නොහැකි තරම් කුඩා වූ නිසා  එය ටෝකියෝවෙන් අමතර ගුවන් ගමනක් යෙදවීමට ද ගුවන් සේවා නිලධාරීන් තීරණය කළහ.
තරඟාවලිය ඉරිදා අවසන් වූ පසු මල්ලවපොර ක්‍රීඩකයින් නිවසට රැගෙන යාම සඳහා අමතර ගුවන් ගමන් ද යොදවා ඇති බව දැනගන්නට ඇත. අමාමි ඔෂිමා සුමෝ මල්ලවපොර ක්‍රීඩාවේ අගනුවර ලෙස සැලකේ.


2018 දී විශ්‍රාම ගත් රුසියානු සම්භවයක් ඇති සුමෝ ක්‍රීඩකයෙක්  වන ඔරෝරා සතෝෂි මෙතෙක් බරින් වැඩිම කෙනා  වන අතර ඔහුගේ බර කිලෝග්‍රෑම් 292.6 කි. කෙසේ වෙතත් ඔහු ගුවන් සමාගම් සමඟ කටයුතු කිරීමට ඇති එකම භයානක මගියා නොවේ.මෙවැනිම හිටපු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු වූ  ඇන්ඩ්‍රේ ද  ගුවන් ගමනකදී ඔහුගේ  ක්‍රියාවක් නිසා ප්‍රසිද්ධියට පත්විය. එනම් මල්ලවපොර ක්‍රීඩකයා වැසිකිලිය  තුළ අපද්‍රව්‍ය පහ කරනවිට  අනෙක් මගීන්ගේ  හුස්ම හිරවීමයි.
කෙසේනමුත් ඉදිරියට ගුවන් සමාගමට මේ පිළිබද සළකා බැලිය යුතු කාලයක් එළබෙනු ඇත.