tik-tok-star-mizzy-court

අවසරයකින් තොරව පුද්ගලයින්ගේ වීඩියෝ බෙදාගැනීම තහනම් කරමින් උසාවිය විසින් දුන් නියෝගයක් නිසා, Mizzy ලෙස හැඳින්වෙන Bacari-Bronze O'Garro නම් පුද්ගලයාට සමාජ මාධ්‍ය බාවිතය තහනම් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ස්ට්‍රැට්ෆර්ඩ් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගය අධීක්‍ෂණය කළ විනිසුරු මැතිව් බෝන් විසින් ඕ'ගාරෝට දොස් පැවරීය.
ඔහු ප්‍රෑන්ක් වීඩියෝවක්කර තිබූ අතර අනුමැතියකින් තොරව වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු ඔහුට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කර ඇත.
ප්‍රද්ගලිකත්වය  "හිතාමතාම කඩකර ඇති" බව දන්වා ඇත.

ලබන මාසයේ දඩුවම් නියම වන තුරු,  පණිවිඩ යැවීමට හැර සමාජ මාධ්‍ය "කිසිසේත්ම" භාවිතා නොකරන ලෙස උසාවිය දැන්වීය. එක්දරු පියකු වන මෙම ප්දුගලයාට උසාවිය අනතුරු අඟවමින් කියා සිටියේ කළ වැරදිවලට සිරදඩුවම් පවා ලැබිය හැකි බවය.

O'Garro ගේ Snapchat ගිණුමේ බෙදාගත් අනෙකුත් වීඩියෝවලින්ද පෙනී යන්නේ එම නියෝගය උල්ලංඝනය වී ඇති බවයි.  නමුත් O'Garro කියා සිටියේ මෙම වීඩියො ප්‍රෝඩා සහගත වීඩියෝ වන බවයි.

මෙම පුද්ගලයා මින් ඉහත TalkTV වැඩසටහනකට පෙනී සිට බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය සමච්චලයට ලක් කර තිබුණි. Mizzy පැවසුවේ: "එක්සත් රාජධානියේ නීතිය විහිළුවක්." වන බවයි

O'Garro ට නොවැම්බර් 21 වැනිදා තේම්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදී දඬුවම් නියම කිරීමට නියමිතය.