train-strike

දුම්රිය උප නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.


සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති අතර, අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා කරමින් සිටින බව ද වාර්තා වේ.
අද (05) සවස වනවිට දුම්රිය ධාවනය උපරිම අයුරින් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු යොදමින් සිටී.
පැවති වර්ජනය හේතුවෙන් ඊයේ ගමන් වාර 78 ක්ද අද උදෑසන සිට ගමන් වාර 28 ක්ද අවලංගු විය.
පහරදීමට අදාළ පරීක්ෂණ ඊයේම සිදුවූ නමුත් වර්ජනය අවසන් නොවීම ගැටලුවක් විය.
පුද්ගලික කරුණක් මුල් කරගෙන ජනතාව අපහසුතාවට ලක්කිරීම ගැන ජනතාවගේ අප්‍රසාදය පළවී තිබේ.