twitter-charges-one-dollar

Elon Musk's  පෙර Twitter ලෙස හැඳින්වූ වර්ථමාන X හී , නව අත්හදා බැලීමක කොටසක් ලෙස, ප්‍රධාන විශේෂාංග වෙත ප්‍රවේශ වීම සඳහා නවසීලන්තයේ සහ පිලිපීනයේ නව පරිශීලකයින්ගෙන් වසරකට $1 (£0.82) අය කිරීම ආරම්භ කර ඇත.

දායක ගාස්තුව නොගෙවන අයට පෝස්ට් කියවීමට, වීඩියෝ නැරඹීමට සහ ගිණුම් follow කිරීමට පමණක් හැකි වන අතර, නව විශේෂාංග සදහා ප්‍රෙව්ශ වීමට අවසර ලැබෙන්නේ නැත..

සමාජ මාධ්‍ය වේදිකාව පැවසුවේ "ව්‍යාජ ගිණුම් අඩු කිරීම මෙහි අරමුණ වන බවයි.

නව ගිණුම් ඔවුන්ගේ දුරකථන අංකය සත්‍යාපනය කිරීමට අවශ්‍ය වනු ඇත.  නමුත් ප්‍රධාන විශේෂාංග නොමැතිව, "කියවීමට පමණක්" ගිණුම් සෑදීමේ හැකියාව තවමත් ඇති බව මස්ක් මහතා පවසා ඇත .



පසුගිය මාසයේ X, Tesla සහ SpaceX හි ප්‍රධානියා ප්‍රකාශ කළේ සියලුම X භාවිතා කරන්නන්ට ,ප්‍රවේශය සඳහා ගෙවීමට සිදු විය හැකි බවයි .

මස්ක් මහතා පසුගිය වසරේ ඩොලර් බිලියන 44 කට 'ට්විටර්'  මිලදී ගත් දා සිට සමාගම අඛණ්ඩ ආදායම් පහත වැටීමකට ලක් වී ඇත.

X Premium ලෙස හැඳින්වෙන වැඩිදියුණු කළ සේවාව භාවිතා කරන ග්‍රාහකයින්ට, දිගු පළ කිරීම් සහ වේදිකාවේ දෘශ්‍යතාව වැඩි කිරීම වැනි තවත් විශේෂාංග සඳහා ගෙවීමට සිදු වෙයි.

දැනට X Premium සදහා එක්සත් ජනපදයේ මසකට ඩොලර් 8ක් වැය වේ. ග්‍රාහකයෙකු ජීවත් වන්නේ කුමන රටකද යන්න මත මිල වෙනස් වෙයි.

අනෙකුත් පරිශීලකයින්ට තවමත් නොමිලේ X භාවිතා කළ හැක.

මෙසේ සිදු කරන ගෙවීම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස , X හී පරිශීලකයන්ගෙන් විශාල පිරිසක් අහිමි වීමේ අවදානමක් ඇත. එය අනෙක් අතට, දැනට සමාගමේ ආදායමෙන් අතිමහත් බහුතරයකට වගකියන වෙළඳ ප්‍රචාරණ ආදායම අඩු කිරීමටද හේතුවක් විය හැකිය.

මෑත සතිවලදී, ඊශ්‍රායල - හමාස් ප්‍රහාරයෙන් පසු, ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් සහ වෛරී ප්‍රකාශ පැතිර යා හැකි බවට පවසමින්, යුරෝපා සංගමය විසින් X සමාගම විමර්ශනයට ලක් කර ඇත .