ප්‍රවීණ රංගන ශිල්පී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල දෙකෙන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න අනාවරණ කර ගැනීම සඳහා එම ගිනිඅවි දෙක වහාම රජයේ රස පක්ෂක වෙත යවා එම විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරීය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18දා) නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
අදාළ වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇති බව කියන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවයි.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සැකකරුවකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල දෙක රජයේ රස පක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බවද අධිකරණයට අවධාරණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට නිකුත් කර ඇති පිස්තෝල දෙකෙන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න රස පක්ෂකවරයාගේ එකී විමර්ශනයේදී අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බවද කීවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල දෙක වාහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසයි.
ප්‍රවීණ රංගන ශිල්පී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලක කර ගනිමින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් රහස් පොලීසිය සිය මූලික කරුණු දැක්වීම්වලදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව විමර්ශන අරඹා ඇති බවයි.
මන්ත්‍රීවරයාගේ නිවස අසලදී ඉකුත් සැප්තැම්බර් මස 17 දා රාත්‍රියේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ඒ අසල මාර්ගයක මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවද, අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලීසිය එම සීසීටීවී දර්ශන වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂවරයා වෙත යැවූ බවද ප්‍රකාශ කළේය.
අනුරාධපුර -උපාලි ආනන්ද
0 Comments