under-world-daughter-party

ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම පාතාල නායකයකුගේ දියණියක වැඩිවියට පැමිණීමේ උත්සවයක් විශාල වියදමක් දරා කොළඹ සුපිරි හෝටලයකදී උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



මෙම උත්සවය ඉකුත් 23 වැනිදා රාත්‍රියේ පවත්වා ඇති බව ද වාර්තාවේ. මෙම උත්සවය සඳහා අලංකාර ආරාධනා පත්‍ර මුද්‍රණය කර ඇති අතර, උත්සවය වෙනුවෙන් ආරාධිතයන් 200කට ආසන්න පිරිසකට ආරාධනා ලැබ සිටි බව ද වාර්තාවේ.  එම උත්සවය අවසානයේ එදිනම රාත්‍රියේ කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි හෝටලයක් සහිත ප්‍රධාන පෙළේ සුපිරි නිවාස සංකීර්ණයක කාමරයක් තුළ තවත් පිරිසකට නැවතත් සාදයක් පවත්වා ඇති බව ද ආරංචි මාර්ග කියයි. මෙම උත්සවයේ සියලු අවස්ථා එම සංවිධානාත්මක අපරාධකරු බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනයකින් නරඹා ඇති බව ද වාර්තා වේ.

ඉන්දිකා රාමනායක