wajira-ranil

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ඔහු නිතරඟයෙන් ජනපතිවරණයට පත්වීම මත ඉදිරි ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


එබැවින් ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන සෙසු පුද්ගලයින් තමාට රට ගොඩනැගීමට නොහැකි වන බව දන්නා සෙසු පුද්ගලයින් කළ යුත්තේ රට ගැන සිතා ඉදිරි ජනාධිපතිවරණය වත් බාරදී නොදී සිටීම බව අබේවර්ධන මහතා කීය.
“ජනාධිපතිවරණයට බිලියන 13ක් විතර වැය වෙනවා. එක ඉල්ලුම් පත්‍රයක් පමණක් ඉදිරි වුණොත් ජාතික එකඟතාවකින්, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ඉල්ලුම් පත්‍රය පමණක් ඉදිරිපත් වුණොත් ඒ යන බිලියන 13ම ඉතුරුයි. ඒක විදුලි බිල අඩු කරන්න යොදා ගන්න පුළුවන් “