wechat-banned-canada

WeChat යනු වැඩි දියුණු කරන ලද චීන ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදවුමකි. තවත් සරලව කියතොත් සමාජ මාධ්‍ය සහ ජංගම ගෙවීම් යෙදුමකි.
මෙම යෙදවුම නිසාවෙන් ආරක්ෂක ගැටළු ඇතිවිය හැකි බවත් ,ප්රධාන වශයෙන් යෙදුම භාවිතා කරන්නන් විසින්  ඔත්තු බැලීම සඳහා මෙය භාවිතා කළ හැකි බවත් කියමින් කැනඩාව ඊට වාරණ නීති පනවා ඇත.

WeChat යනු ලෝකයේ වැඩිපුරම භාවිතා කරන යෙදුම් වලින් එකකි. එය චීනයේ සර්වසම්පූර්ණ සමාජ මාධ්‍යක් වන වන අතර අග්නිදිග ආසියාවේ සහ චීන ඩයස්පෝරා ප්‍රජාවන් තුළ ද ජනප්‍රිය වේ.



මේ වන විට WeChat හරහා රජයේ තොරතුරු අවධානමකට ලක්වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව කැනඩාවේ භාණ්ඩාගාර මණ්ඩලයේ සභාපතිනි Anita Anand නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි නමුත් එකී  තහනම වහාම ක්‍රියාත්මක කිරීමට එරට පාලක පක්ෂය තීරණය කර ඇත.

මේ පිළිබද අදහස් දක්වමින් ඇය කියා සිටියේ "රජයේ ජංගම උපාංගවල මෙම යෙදුම් සඳහා ප්‍රවේශය ඉවත් කිරීමෙන් අපි සයිබර් ආරක්ෂාව තහවුරු කර ගනිමු" යනුවෙන්ය.

මේ පිලිබදව අදහස් දැක්වීම සඳහා බීබීසී WeChat හිමි Tencent සමාගම වෙත සම්බන්ධ වී ඇති නමුත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.



කැනඩාව රුසියාව පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක් වන කැස්පර්ස්කි සම්බන්ධයෙන් ද පියවර ගනිමින් සිටී.
එසේම කැනඩාවේ පරිශීලකයින් විසින් යෙදුම් ඉවත් කරනු ලබන අතර, අනාගතයේදී ඒවා බාගැනීමද  අවහිර කරනු ඇත.

විභව ආරක්ෂක අවදානම් පිළිබඳව TikTok බොහෝ අවධානයට ලක්ව ඇතත්, බොහෝ ආරක්ෂක විශේෂඥයින් විශ්වාස කරන්නේ ඊටත් වඩා  WeChat විශාල තර්ජනයක් එල්ල කරන බවයි. උතුරු ඇමරිකාවේ රජයේ සේවකයින් විසින් TikTok තරම් එය භාවිතා නොකරන නිසා එයට අඩු අවධානයක් ලැබේ.

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයෙන් 2020 දී යෙදුම තහනම් කිරීමට උත්සාහ කළ නමුත් එය වාරණ නියෝගයකින් අවහිර විය.