woman-dead-27-minutes-wakes-up-message

මරණින් මතු කුමක් සිදුවන්නේද යන්න අපට අවබෝධයක් නැත.නමුත් එක් කාන්තාවක් කියා සිටින්නේ ඇය විනාඩි 27 ක් සාර්ථක ලෙස මිය ගිය පසු ඉන් අනතුරුව සිදුවන දේ ගැන දැක්මක් ලබා  ගත් බවයි.
සෞඛ්‍ය සම්පන්න සිව්දරු මවක් වන ටීනා හයින්ස් හදිසියේම 2018 පෙබරවාරි මාසයේදී හෘදයාබාධයකට ලක් විය.එක්සත් ජනපදයේ ඇරිසෝනා හි පිහිටි ඇගේ නිවසට ගිලන් රථයක් පැමිණෙන විට ටීනා 'නිල්වී අප්‍රාණික' ලෙස පසුවිය.





කෙසේ වෙතත්, පරිපූරක වෛද්‍යවරු ඇයව රෝහලට ගෙන යන අතරතුර දිගටම ඇය බේරාගන්නට උත්සාහ කළහ.
මිනිත්තු 27ක් පුරාවට ටීනාගේ හෘද ස්පන්දනය නොතිබූ අතර ඇය මිය ගොස් ඇති බව පැවසේ.නමුත් රෝහලට ඇතුල් වීමෙන් පසුව, ඇය අවසානයේ අවදි වූවාය.

සිහිය පැමිණි විගස ඇය මුලින්ම ඉල්ලුවේ පෑනක් සහ කඩදාසියකි.ඇය එහි යමක් සටහන් කළාය.එය යන්තම් කියවිය හැකි වූවත්, ඇගේ පවුලේ අය අසුබ ලියවිල්ල තේරුම් ගැනීමට සමත් විය.

එය සරලව කියවුනේ "එය සත්‍යය" යනුවෙන් ය.ඇය රෝහලට ආ අයුරුත්,ඇගේ දුව අහසෙහි සැරිසැරූ අයුරුත් ඇ තම සැමියා සමග කීමට උත්සහ කළ බව ඇගේ සැමියා සදහන් කළේය.

තම බිරිඳ අවසානයේ අවදි වූ විට ටික වේලාවක් කතා කිරීමට නොහැකි වනු ඇතැයි තමාට සිතුනු බවද  ඔහු කියා සිටියේය.

නමුත් ටීනාට අවදි වූ විට කතා කිරීම නවත්වා ගත නොහැකි විය .ඇය 'පරලොව' පිළිබඳ ඇගේ අත්දැකීම කියන්නට විය.ඇයගේ දුව කියා සිටියේ අම්මා 'යේසුස්ව මුහුණට මුහුණ දුටුවා' බව කී බවත්  ඔහු ඇය වෙනුවෙන් දෑත් විවෘත කර එහි සිටගෙන සිටි බවත්ය.
කෙසේනමුත් දින හතරක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ ඇය සුවය ලැබුවාය.