ඉන්දියාවේ ලක්නව්හි පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර තරගයෙන් ශ්‍රී ලංකා පිල පහසුවෙන් පරාජය කරන්නට ඕස්ට්‍රෙලියාව සමත් විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ශක්තිමත් ආරම්භයක් ලබාගත් අතර පළමු කඩුල්ල වැටුනේ ලකුණු 125 දීය. පැතුම් නිශ්ශංක හා කුසල් ජනිත් පෙරේරා ආරම්භක සබඳතාව මීට හේතුවිය. පැතුම් 61 ක්ද කුසල් පෙරේරා 78 ක්ද ලබාගන්නා ලදි.

ලකුණු සටහනේ 157 දී කුසල් දැවී ගිය අතර ඔවුන්ගෙන් පසුව පැමිණි අසලංක හැර සියලුම ක්‍රීඩකයින් තනි ඉලක්කමේ ලකුණු රැස්කර ක්‍රීඩාගාරයට යවන්නට ඕස්ට්‍රෙලියානු පන්දු යවන්නන් සමත්වූ අතර
වෙනදා දස්කම් දක්වන කුසල් මෙන්ඩිස් ලකුනු 9 ක්ද සමරවික්‍රම 8 ක්ද ධනංජය 7 ක්ද චාමික 2 ක්ද ආදී ලෙස බරපතල ඇද වැටීමකට ලක්විය.
අනතුරුව ඕවර හයහමාරක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල 43.3 ඕවරයේදී 209 කට සියල්ලන් දැවී ගියේය.

මෙම ඉලක්කය පහසුවෙන් පසුකර යාමට ඕස්ට්‍රෙලියානු පිල සමත්වූ අතර ඕවර 36.2 කදී කඩුළු 5 කින් ජයග්‍රාහී ලකුණු 215 රැස්කරගන්නා ලදි. මිචෙල් මාෂ් 52 ක්ද ජොෂ් ඉන්ගල්ස් 5 ක්ද ලබා ගන්නා ලදි. ඩිල්සාන් මදුෂංක කඩුළු 3 ක් ගත්තේය.
මෙම පරාජය සමග ශ්‍රී ලංකා පිලට ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවත්ව යාමට බොහෝ දුරට ඉඩකඩ සැකසී ඇත. ඊළඟ තරගය සෙනසුරාදා නෙදර්ලන්තය සමග පවත්වනු ඇත.