world-cup-2023-netherland-new-zeland

ලෝක කුසලාන ක්‍රිකට් 2023 තරගාවලියේ නෙදර්ලන්තය පරදා ජය හිමිකරගැනීමට නවසීලන්තය අද සමත්විය.
තරගය පැවැත්වුණේ ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදීය.
ලකුණු 323ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය පන්දුවාර 46යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 223ක් පමණි.
නෙදර්ලන්තය වෙනුවෙන් බලාපොරොත්තු ගෙනා ඉනිමක් ක්‍රීඩා කළ Colin Ackermann ලකුණු 69ක් රැස්කරගත්තේ හතරේ පහර 5ක් සමගිනි.
පන්දුයැවීමේදී නෙදර්ලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ලකිරීමට නවසීලන්ත ක්‍රීඩක Mitchell Santner කඩුලු 5ක් දවාගැනීමට සමත්විය. Matt Henry කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.