ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (23) ඉන්දියාවේ චෙන්නයි නුවර පැවති තරගයේදී පකිස්තානය පරදා ඇෆ්ගනිස්ථානය ජය ගත්තේය.
කාසියේ වාසිය දිනාමුලින් පන්දුවට පහරදුන් පකිස්තාන පිල කඩුළු 7 ක් දැවී ලකුණු 282 ක් රැස් කළ අතර එම ලකුණු ගණන අභිබවා යන්නට ඇෆ්ගනිස්ථානයට 49 වන ඕවරයේදී හැකිවිය. දැවී ගොස් තිබුනේ කඩුළු 2 ක් පමණි.