world-cup-au-netherland

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25) දිල්ලි නුවරදී පැවති ඕස්ට්‍රෙලියාව හා නෙදර්ලන්තය අතර තරගයෙන් ලකුණු 309 ක ජයග්‍රහණයක් අත්කරගන්නට ඕස්ට්‍රෙලියානු පිල සමත් විය.
කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියානු පිල ලකුණු 399 ක් ලබාගත්තේ කඩුලු  කටය. මෙහිදී වොර්නර් 104 ක් හා ග්ලෙන් මැක්සෙල්106 ක්ලබාගත් අතර මැක්සෙල්ගේ ලකුණු 106 ලෝක කුසලාන තරගාවලී වාර්තා පොතට එක්වූයේ වේගවත්ම ශතකය ලෙසිනි. පන්දු 44 කදී 6 පහර 8 ක් හා4 පහර 9 ක් සහිතව ඔහු ශතකය රැස් කළේය.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත පිල දුර්වල ලෙස ඕවර 21 කදී සියල්ලන් දැවී ගියේ ලකුණු 90 දීය.