
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය පළමු ජයග්‍රහණය නෙදර්ලන්තයට එරෙහිව ලබාගත්තේය.
මින් ඉහත පෙරළිකාර ලෙස ප්‍රබල දකුණු අප්‍රිකානු පිල පරාජයට පත් කළ නිසා නෙදර්ලන්තයේ අද තරගය ගැන බොහෝ දෙනා සැකයෙන් බලා සිටියහ.
ලක්නව්හි පැවති තරගයේදී නෙදර්ලන්ත පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් අතර ඔවුන්ගේ මුල් කඩුළු 6 ක්ම ලකුණු 91 දී ඇදවැටී අසීරු තත්වයකට පත්විය. නමුත් මැද පෙළ ක්‍රීඩකයින් වන එංගල්බ්‍රෙක්ට් හා බීක් යන දෙන්නා පිළිවෙලින් 70 හා 59 ක් ලබා ඉනිම ශක්තිමත් කළ නිසා ඕවර 49.4 කදී සියල්ලන් දැවී 262 ක ඉනිමක් ගොඩනගාගන්නට හැකි විය.
අද තරගයේදී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් වන දිල්ෂාන් මධුෂංක හා කසුන් රාජිත දෙන්නා කඩුළු 4 බැගින් ලබාගැනීම විශේෂිතය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අද සාර්ථක වූ අතර සධීර සමරවික්‍රම අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 91 ක් ලබාගත්තේය.පැතුම් නිශ්ශංක 54 ක් චරිත් අසලංක 44 ක් හා ධනංජය ද සිල්වා 30 ක් ලබාගන්නා ලදි.
ශ්‍රී ලංකාව නෙදර්ලන්තය ලබාගත් ලකුණු ගණන පසුකලේ 48වන ඕවරයේදීය.
ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දිගින් දිගට පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා පිල මෙම ප්‍රථම ජය සටහන් කළේ නෙදර්ලන්ත පිලට එරෙහිවය.


Comments
Post a Comment
Your comment will be visible after approval