worldcup-pakistan-south-africa

ලෝක කුසලාන ක්‍රිකට් 2023 තරගාවලිය යටතේ ඊයේ (27) චෙන්නායිහිදී පැවති තරගයේදී පකිස්තාන පිල පරදා දකුණු අප්‍රිකාව තියුණු ජයක් වාර්තා කළේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන පිල ඕවර 46.4 දී සියල්ලන් දැවී 270 ක් රැස් කළේය. ෂකිල් හා අසාම් අර්ධ ශතක වාර්තා කර තිබුණි.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව මුලදී සාර්ථක ආරම්භයක් ලැබුණ නමුත් අවසන් කොටසේදී දැඩි පීඩනයක් එල්ල විය. 271 ක් කරා ගමන් කරමින් සිටියදී 250 දී අටවන කඩුල්ලත් 260 දී නවවන කඩුල්ලත් දැවී ගිය නිසා පාකිස්තාන පිලට වාසි දායක තත්වයක් මතුවිය. කෙසේ වෙතත් අවසන් පිතිකරුවන් ප්‍රවේශමෙන් පන්දුවට පහරදී ඕවර 47.2 දී 271 ලබා ජයග්‍රහණය ලබාගන්නට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය. ඒඩන් මැක්‍රම් 91 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන් 30 ට අඩු ලකුණු ලබාගත් අතර තරගාවලියේ පෙරදැක්වූ දක්ෂතා දැක්වූයේ නැත.