A-Sinhala-Sir-who-was-bankrupt-due-to-pyramid-investments-was-found-floating-in-the-Bolgoda-River

බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබූ තරුණ අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසියට  
පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු අතුරුදන් බවට ඥාතීන්ගෙන් මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණ අතර විස්තර හා ගැළපීමේදී මෙසේ හමුවූයේ එසේ අතුරුදන් තැනැත්තා බව තහවුරු කරගන්නට හැකියාව ලැබී තිබේ.
මොහු ඊයේ(13) සිය නිවසින් අතුරුදන්ව ඇති අතර අද (14) උදෑසන මියගොස් සිටියදී සිරුර පානදුර මඩකිස්ස පාරේ බොල්ගොඩ ගඟේ ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ, 24 හැවිරිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු නම් තරුණ ගුරුවරයෙකි.

ඔහු කොළඹ පාසලක සිංහල භාෂාව ඉගැන්වීම් කරමින් සිටි අතර මරදාන ප්‍රදේශයේ පන්ති පවත්වමින් සිටි ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු බවටද තොරතුරු සොයාගන්නට පොලිසියට හැකි විය.

මේ අතර පොලිසිය නිවැසියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම පුද්ගලයා අතුරුදන් වන්නට ආසන්න කාලයේ කලකිරීමකින් සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුට අධික ආර්ථික ගැටලු පැනනැගී හතර අතට ණයවී සිටි අයෙකු බව තොරතුරු අනාවරණය විය.
පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කිරීම නිසා සන්තකයේ තිබූ බොහෝ වස්තුව අහිමිවයාම නිසා ඔහු සිත් තැවුලෙන් සිට ඇති බව පොලිසියට තොරතුරු ලැබී ඇත.

පසුගිය දිනවල දැඩි කතාබහකට ලක්වූ නීතිවිරෝධී පිරමීඩ ජාවාරමක ආයෝජනය කර ඔහුගේ වස්තුව නැතිවූ බවට ඥාතීන් සමග පවසා තිබේ.

මියගිය අය නිවසින් පිටවනවිට රැගෙන ගිය බව කියන ගමන් මල්ලක් වෙනත් ස්ථානයක තිබී සොයාගෙන ඇති බවට පොලිසිය වාර්තා කර තිබේ. පොලිසිය සැකපළ කරන්නේ මෙම තරුණයා දිගරොල්ල පළමෙන් බොල්ගොඩ ගඟට පැන ඇති බවයි.මොරටුව දිගරොල්ල පළම අසළ පිහිටි වෙළඳසැලක සිය බෑගය තබා එම පාළම දෙසට ගොස් ඇති බව අවසන් සාක්ෂි ලැබී ඇත.
මරණය සියදිවිනසාගැනීමක් බවට බොහෝ දුරට අනුමාන කරන අතර පරීක්ෂණ ඉදිරියටත් සිදුවේ.