A-South-Korean-court-ordered-Japan-to-pay-compensation-for-the-harassment-of-women-during-the-war

දෙවන ලෝක යුධ සමයේදී හමුදා ගණිකා මඩම්වල සේවය කිරීමට සිදු වූ කාන්තාවන් පිරිසකට සිදුවූ හිරිහැර මුල් කරගෙන දකුණු කොරියානු අධිකරණයකින් සිදුවූ අකටයුතුකම් වෙනුවෙන් වන්දිගෙවන ලෙස ජපානයට  නියෝග කර තිබේ.

ජපන් සොල්දාදුවන්ගේ ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටි කාන්තාවන් 16 දෙනකු සම්බන්ධයෙන් වූ මෙම නඩුව මීට පෙර නිෂ්ප්‍රභ විය.
ඔවුන් 2016 දී නඩුවක් ගොනු කළ නමුත් වසර පහකට පසු සෝල් මධ්‍යම දිසා අධිකරණය එය නිෂ්ප්‍රභ කර තිබුණි.


සෝල් මහාධිකරණය දැන් එම තීන්දුව අවලංගු කර මෙම නියෝගය කර ඇත.
ප්‍රකාශයක් නිකුත් කරමින් දකුණු කොරියානු අධිකරණය කියා සිටියේ දකුණු කොරියාවේ අධිකරණ බලය පිළිගන්නා කාන්තාවන් රට තුළ ජීවත් වූ නිසා "නීති විරෝධී" ලෙස සැලකෙන මෙම ක්‍රියාවන්ට වන්දි ඉල්ලා නඩු ගොනු කිරීම ප්‍රතික්ෂේප කල නොහැකි තත්ත්වයක් මතුකර ඇති බවය.

95 හැවිරිදි ක්‍රියාකාරිනියක සහ වින්දිතයෙකු වන ලී යොං-සූ, මෙම තීන්දුව සඳහා උසාවියට ස්තූති කල අතර එම අවස්ථාවේදී ඇය ඉතා  හැඟීම්බර විය.

ඇය උසාවියෙන් පිටටත යාමේදී පවා උසාවියට ස්තුතිවන්ත වූ අතර උසාවියේ තීරණය සම්බන්ධව ඇය මාධ්‍ය වාර්තා වලටද පවසා ඇත.

දෙවන ලෝක සංග්‍රාමයේදී ජපන් සොල්දාදුවන්ට සේවය කිරීම සඳහා කාන්තාවන් සහ ගැහැණු ළමයින් 200,000 කට වැඩි පිරිසක් ගණිකා වෘත්තියට යොමු කර ඇති බව ගණන් බලා ඇත.

හමුදා ගණිකා මඩම්වල රඳවා සිටි බොහෝ දෙනෙක් කොරියානුවන් වන අතර අනෙක් අය චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව සහ තායිවානය යන රටවල් තුළින්  පැමිණි අය වූහ




නමුත් මේ තීන්දුව පිලිබදව ජපාන විදේශ අමාත්‍යවරිය වන  යෝකෝ කමිකාවා කියා සිටියේ "අතිශයින්ම කණගාටුදායක සහ කිසිසේත්ම පිළිගත නොහැකි" බවයි.එසේම ඇය කියා සිටින්නේ “ජාපානය නැවත වරක් කොරියානු ජනරජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ එහි ජාත්‍යන්තර නීතිය කඩකිරීමේ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වහාම සුදුසු පියවර ගන්නා ලෙසයි,”