A-study-reveals-how-taking-high-doses-of-vitamins-is-harmful-to-the-body

අපගෙන් මිලියන ගණනක් දිනපතා විටමින් පෙති පානය කරන්නේ ඒවා අපව නිරෝගීව තබා ගැනීමට සහ පිළිකා වැනි බරපතල රෝගවලින් මිදීමට උපකාරී  වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ය. 2022 දී, බ්‍රිතාන්‍ය පාරිභෝගිකයින්  විටමින් C, D සහ B12 සහ ඛනිජ ලවණ යකඩ සහ කැල්සියම් වැනි අතිරේක සඳහා පවුම් මිලියන 500 කට වඩා වියදම් කර ඇත.



ඇස්තමේන්තු කර ඇති පරිදි අපගෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් අතිරේක පොෂණ ලබා ගන. ඒවාගෙන් යහපැවැත්ම වැඩිදියුණු කර රෝගවලින් ආරක්ෂා වනු ඇතැයි විශ්වාස කරයි. නමුත් සමහර විටමින් පෙති ඇත්ත වශයෙන්ම ප්‍රතිවිරුද්ධ දේ කළ හැකිද?

Journal of Clinical Investigation සඟරාවේ අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයක් වාර්තා කළේ පෙනහළු පිළිකා ඇති මීයන්ට
විටමින් C සහ E නිතිපතා ඉහළ මාත්‍රාවලින් ලබා දුන්විට ඔවුන්ගේ පිළිකා වර්ධනය වී වේගයෙන් පැතිර යන බවයි.



විටමින් C තුළින්, තුවාල සුව කිරීම , නිරෝගී සම, රුධිර නාල, අස්ථි සහ කාටිලේජ සදහාත්, විටමින් E  සෞඛ්‍ය සහ ප්‍රතිශක්තිය සඳහාත්
 වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒවා එදිනෙදා ආහාරවල බහුලව දක්නට ලැබේ. නමුත් ඇස්තමේන්තු කර ඇති පරිදි අපගෙන් හතර දෙනෙකුගෙන්
 එක් අයෙක් විටමින් C අතිරේක ලබා ගනී.

විශේෂයෙන් විටමින් සී විශාල මාත්‍රාවලින් ගැනීම තුළින් ශීත සෘතුවේ දී ඇති වන සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වළක්වනවායැයි බොහෝ අය විශ්වාස කරන බව පෙනේ.
කෙසේ වෙතත්, ස්වීඩනයේ ස්ටොක්හෝම් හි කැරොලින්ස්කා ආයතනයේ විද්‍යාඥයින් විසින් කරන ලද නව සොයාගැනීම් වලින් පෙනී යන්නේ, මෙම විටමින් දෙක ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කිරීමෙන් පෙනහළු පිළිකා වර්ධනය  වන අතර නව රුධිර නාලවල වර්ධනය උත්තේජනය කරමින් ඔක්සිජන් බහුල රුධිරය වැඩි දියුණු කිරීමට උපකාරී වන බවයි.

අධ්‍යයනයේ දී, පර්යේෂකයන් මීයන්ට පෙනහළු පිළිකා සෛල එන්නත් කළේ ඔවුන්ගේ පානීය ජලය හරහාය. පසුව විටමින් C සහ E මාත්‍රාව වැඩි කර ලබා දුන්නේය. ඔවුන් පිළිකා සෛල ඝන ගෙඩියක් සෑදීමට උපකාර වන රුධිර වාහිනී සෑදීම නිරීක්ෂණය කිරීම සඳහා නිතිපතා අල්ට්රා සවුන්ඩ් ස්කෑන්  පරීක්ෂණය සිදු කරන ලදී.

විද්‍යාඥයින් නිගමනය කළේ විටමින් C සහ E අධික ලෙස පෙනහළු පිළිකා ඇති කරන බවට කිසිදු යෝජනාවක් නොමැති බවයි. නමුත්, එම පර්යේෂණවලින් පෙන්නුම් කළේ හඳුනා නොගත් පිළිකා ඇති රෝගීන්ගේ වේගවත් පිළිකා වර්ධනයට මෙම විටමින් හේතු විය හැකි බවයි.
අධ්‍යයනයට මීයන් පමණක් යොදා ගත්තද , එයින් ලැබෙන ප්‍රතිඵල විටමින් අතිරේක ඉහළ මාත්‍රාවක් පරිභෝජනය කරන මිනිසුන්ට ද
 සමානව ලැබෙන අවදානමක් ඇතැයි සොයා ගන්නා ලදී.



මෙම සොයාගැනීම් අනපේක්ෂිත වූයේ විටමින් C සහ E ප්‍රතිඔක්සිකාරක වන බැවිනි. එනම් ඒවා සාමාන්‍යයෙන් සිදුවන හානිවලින්
ශරීරයේ සෛල ආරක්ෂා කරන නිසාය.
කැරොලින්ස්කා ආයතනයේ පර්යේෂණයට නායකත්වය දුන් ජෛව විද්‍යාව සහ පෝෂණය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය මාර්ටින් බර්ගෝ පැහැදිලි කළ පරිදි , මෙම ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකා ගෙඩි වල නව රුධිර නාල සෑදීමට හේතු වන යාන්ත්‍රණයක් සක්‍රීය කරයි.

පර්යේෂකයන් අවධාරණය කළේ එදිනෙදා ආහාරවල අඩු සාන්ද්‍රණයකින් ඇති විටමින් සහ ඛනිජ ලවණ පරිභෝජනය හානිකර බවට
කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය අධික අතිරේකයන් භාවිතය සහ පිළිකා අතර සම්බන්ධයක් ගැන ඉඟි කරන පළමු අවස්ථාව නොවේ. ඇනල්ස් ඔෆ් ඉන්ටර්නල් මෙඩිසින් සඟරාවේ 2019 අධ්‍යයනයකින්, අවුරුදු 12 ට වැඩි එක්සත් ජනපද පුරවැසියන් 27,000 ක් නිරීක්ෂණය කරන ලදී. එහිදී අධි මාත්‍රාවලින් කැල්සියම් අතිරේක ලබා ගැනීම ඕනෑම ආකාරයක පිළිකාවකින් පුද්ගලයෙකු මිය යාමේ සම්භාවිතාව දෙගුණ කරන බවට සොයාගෙන ඇත.  (දිනකට මිලිග්‍රෑම් 1,000 ට වඩා )

NHS පවසන්නේ වැඩිහිටියන්ට අස්ථි සහ දත් ශක්තිමත්ව තබා ගැනීමටත්, හෘද ස්පන්දනය නියාමනය කිරීමටත්, රුධිර කැටි ගැසීම සාමාන්‍ය පරිදි සිදු කිරීමටත්, දිනකට දළ වශයෙන් 700 mgක් පමණ අවශ්‍ය වන බවයි. 'අපේ දෛනික ආහාර වේලෙන් එම අවශ්‍ය සියලුම කැල්සියම් ලබාගැනීමට හැකි විය යුතු' බවත් ,මෙයට චීස්, කිරි, ආමන්ඩ්, නිවිති, බෝංචි සහ දොඩම් වැනි ආහාර ඇතුළත් වන බවත් පවසයි.

කැල්සියම් අතිරේක NHS විසින් නිර්දේශ කරනු ලබන්නේ අස්ථි තුනී කිරීමේ රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගීන් සඳහා පමණක් වන අතර, එය ඔවුන්ගේ අස්ථි ආරක්ෂා කර ගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීමට උපකාරී වෙයි.

 සාමාන්යයෙන් දිනකට 800 mgක් ගැනීමට උපදෙස් දෙනු ලැබේ. දිනකට මිලිග්‍රෑම් 1,500 කට වඩා පරිභෝජනය කිරීමෙන් බඩේ කැක්කුම සහ පාචනය ඇති විය හැකි බව NHS පවසයි, නමුත් මැසචුසෙට්ස් හි ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද එක්සත් ජනපද අධ්‍යයනයට අනුව, ඇතැම් පුද්ගලයන්ට අධික කැල්සියම් පරිභෝජනය තුළින් දිගු කාලීන අහිතකර බලපෑම් වඩාත් බරපතල විය හැකි බව සොයාගෙන ඇත.


වැදගත්ම දෙය නම්, කැල්සියම් බහුල ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් පිළිකාවෙන් මිය යාමේ අවදානම මතු නොවන බව ද සොයා ගන්නා ලදී. මෙම සොයාගැනීම් මතභේදාත්මක විය,නමුත්  කැල්සියම් අතිරේක ලබා ගැනීම ඇත්ත වශයෙන්ම පිළිකා අවදානම අඩු කරයි. ( විශේෂයෙන් බඩවැල් පිළිකා සඳහා.)

ටෆ්ට්ස් පර්යේෂකයන් අවධාරණය කළේ කැල්සියම් පෙති ඇත්ත වශයෙන්ම පිළිකා ඇති කරන බවට නිශ්චිත සාක්ෂි නොමැති බවයි.

මේ අතර, දුම් පානය කරන්නන් තුළ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන තවත් ජනප්‍රිය අතිරේකයක් වන බීටා-කැරොටින් මීට පෙර සොයාගෙන ඇත. බීටා-කැරොටින් මගින් කහ සහ තැඹිලි පළතුරු , එළවළු වලට ඒවායේ සුවිශේෂී වර්ණය ලබා දෙයි:
ශරීරය බීටා-කැරොටින් විටමින් A බවට පත් කරයි, එය සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වේ.

(ඩේලි මේල් ඇසුරිනි)