Aishwarta-Rai-Abhishek-Bachchan-Aaradhya-12th-birthday

අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් යනු ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ තරු යුගලකි.ඔවුන් දෙපළගේ දියණිය වන ආරාධ්‍යාට  නොවැම්බර් 16 බ්‍රහස්පතින්දාට අවුරුදු 12 සම්පුර්ණ විය.ඒ පිලිබදව ඔවුන් සමාජ මාධ්‍යය වෙතද මිහිරි සටහන් එක් කර තිබේ.
අයිශ්වර්යා ඉන්ස්ටග්‍රෑම් හි ත්‍රෝබැක් පින්තූරයක් බෙදාගෙන ඇති අතර එහිදී ඇය ආරාධ්‍යාව හුරතල් කරන අයුරු දක්වමින් මෙසේ සටහන් කර ඇත.

“✨❤️මම ඔබට අසීමිතව, කොන්දේසි විරහිතව ආදරෙයි ,  මගේ ආදරණීය ඒන්ජල් ආරාධ්‍යා මගේ ආත්මය... සුභම සුභ 12 වෙනි උපන්දිනයක්   😍😘🤗❤️💖💝  🌟🌈✨දෙවියන් වහන්සේ ඔබට සැමදා ආශිර්වාද කරයි❤️  🌟✨ඉතාම ආදරය කිරීම ගැන ඔබට ඉතාමත්ම ස්තුතියි... ❣️ඔයා තමයි හොදම හොඳම ❣️😍😘 ❤️💖💝🌟  🌈

ප්‍රීතිමත් සහ ආඩම්බර පියෙකු වන අභිෂේක් බච්චන් ද ඉන්ස්ටග්‍රෑම් හි පින්තූරයක් හුවමාරු කරගෙන  ඇති අතර එහිදී ඔහු ආරාධ්‍යා ළදරුවෙකුව සිටි කාලයේ හුරතල් කරන ආකාරය දැකගත හැකිය. ඔහු සටහන් කලේ , "සුභ උපන්දිනයක් මගේ කුඩා කුමරිය! මම ඔයාට වැඩියෙන්ම ආදරෙයි. ❤️."යනුවෙන් ය.



ඓශ්වර්යා සහ අභිෂේක් ආරාධ්‍යා වෙනුවෙන් පළ කළ සටහනට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ රසික රසිකාවියන් බොහොමයක් දියණියට සුබ පැතුම් එක කොට තිබිණ.
 අභිෂේක්ගේ සහෝදරිය සහ ආරාධ්‍යාගේ නැන්දා ශ්වේතා බච්චන් අදහස් දැක්වීමේ කොටසේ රතු හදවත් ඉමෝජි දෙකක් එක් කළේය, නළු ෆර්ඩීන් ඛාන් මෙසේ ලිවීය, “සුබ පැතුම්. 🤗." අභිෂේක්ගේ Dhoom සහකාරිය Esha Deol ලිවීය, "සුභ උපන්දිනයක් ♥️  ," Preity Zinta අදහස් දක්වමින්, "සුබ උපන්දිනයක් Aradhya ❤️❤️ God bless you."යනුවෙන් තම ආදරණිය සුබ පැතුම් එක් කොට තිබිණ.

Aishwarya Rai සහ Abhishek Bachchan 2007 අප්‍රේල් මාසයේ දී විවාහ වූ අතර 2011 දී ආරාධ්‍යාව බිහිකලාය
මෑතකදී, Aishwarya ගේ උපන්දිනය දා, Aaradhya ඇගේ සමාජ සේවය අගය කරමින් කතාවක් කළා. එහිදී ඇය
"මගේ සොඳුරිය, මගේ ජීවිතය... ඔබ මගේ ජීවිතයේ ජීවත් වෙනවා. මගේ අම්මා, මට කියන්න ඕන ඔයා කරන දේ ඇත්තටම ඇදහිය නොහැකි දෙයක්. එය උද්යෝගිමත් දෙයක් යනුවෙන් ප්‍රකාශ කරනු කාගේත් සිත් ගත්තේය.