Australian-players-complain-about-death-and-rape-threats-from-India

 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේදී ඉන්දියාව පරාජයට පත්කිරීමෙන් පසු ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගෙන් මරණ සහ සිය බිරියන් දූෂණ කරන බවට එල්වී ඇති තර්ජන සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු කන්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්  සිය ජාතික කළමනාකාරීත්වය වෙත පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.
මෙම තරගය ඉන්දියානුවන්ට කම්පන සහගතපරාජයක් අත්කළ අතර තරගාවලියේ ඒ දක්වා තරග ජයග්‍රහණය කරමින් අවසන් තරග ජය ගැන ඉක්මවා ගිය විශ්වාසයකින් පසුවූ රසිකයින් අනපේක්ෂිත පරාජය සමග විමතියට හා කෝපයට පත්වූ බව කියැවේ.
වෙනදා වාර්තාවූයේ තම රටේ ක්‍රීඩකයින්ගේ නිවාස වලට පහරදීම් වූවත් මෙවර එවැන්නක් සිදුනොවූ අතර නව රසික පරපුර සමාජ මාධ්‍ය තුළ සිය ‍කෝපය හැඟවුම් කළ අයුරු හඳුනාගන්නට ලැබිණි.
ඕස්ට්‍රෙලියානු  ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔවුන්ගේ කෝපය පිට කිරීමට ඉලක්ක කරගෙන තිබේ.



නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී සුවිශේෂ ශතකයක් රැස් කළ ට්‍රැවිස් හෙඩ් සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම ඉලක්ක වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා විය. ඔහුගේ බිරිඳ සහ දරුවා අපයෝජනය කරන බවට තර්ජනයක් සිදු කර තිබේ.

මේ අතර දෙමළ ජාතික විනි රාමන් සමග විවාහ වී සිටින චෙන්නායි හි මුල් බැසගත් ඕස්ට්‍රෙලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ද චෝදනාවල ගොදුරක් විය. ඔහු පවසා ඇත්තේ සිය බිරිඳ විනි රාමන් ද ඉලක්කය බවට පත් වූ බවය.

 වෛරී සහගත අදහස් වලින් සමාජ මාධ්‍ය පිරී ගිය පසු විනී රාමන් කණගාටුව ප්‍රකාශ කරමින් සටහනක්ද තබා තිබේ.
 මිනිසුන්ට ඔවුන් ඉපදී හැදී වැඩුණු රටට සහ විශේෂයෙන් ඔවුන්ගේ සහකරු හෝ සහකාරියගේ කණ්ඩායමට සහ ඔවුන්ගේ දරුවාගේ පියාට සහයෝගය දක්වන්නට නොහැකි ඇයිදැයි ඇය ප්‍රශ්න කළාය.

මේ අතර හිටපු ඉන්දීය ක්‍රීඩක හර්බජන් සිං ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවලාද කිරීමෙන් වළකින ලෙස ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා තිබේ.