Bethany-Alhaidari-story

2019 දී සිය දියණිය සමඟ සෞදි අරාබියෙන් පලා ගිය බෙතානි අල්හයිදාරි Bethany Alhaidari නමැති ඇමරිකානු ක්‍රියාකාරිනියකට සෞදි භාරකාර නියෝගය නොතකා තම දරුවා සමඟ රට තුළ රැඳී සිටීමට අවසර දෙන බව එක්සත් ජනපද අධිකරණය විශේෂ තීන්දුවක් ලබාදී තිබේ.
එයට හේතුව සෞදි රාජ්‍යට ඇය නැවත පිටත් කළහොත් ඇය  මරණයට පත්වීමේ බරපතල අවදානමකට මුහුණ දෙන බැවිනි.

ළමා භාරකාරත්වය පාලනය කිරීම සහ කාන්තා ක්‍රියාකාරීන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞදි නීති රීති එක්සත් ජනපද අධිකරණයක විනිශ්චයට ලක්වූ  පළමු අවස්ථාව මෙම නඩුව බවට පත්වී ඇත.




වොෂින්ටන් ප්‍රාන්තයේ අභියාචනාධිකරණය විසින් සොයා ගනු ලැබුවේ,ඇමරිකානු පුරවැසියෙකු වන බෙතානි අල්හයිදාරි නම් කාන්තාව  සහ ඇගේ දියණිය වන සයිනා , ආගමික සහ දේශපාලන විශ්වාසයන් හේතුවෙන් සෞදි අරාබියට නැවත පැමිණියහොත් මරණීය දණ්ඩනයට මුහුණ දීමට සිදුවනු ඇති බවට “ප්‍රමාණවත් සාක්ෂි” ඇති බවයි.

වොෂින්ටන් උසාවියකට වෙනත් ජාතියක ළමා භාරකාර නියෝගයක් බලාත්මක කිරීමට අවශ්‍ය නොවන බවත් , විදේශ රටක නීතිය 'ඇදහිල්ල අත්හළ' අයට මරණයෙන් දඬුවම් කරන්නේ නම් භාරකාරත්වය සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැකි බවත්  එහිදී විනිසුරුවරයා පවසා ඇත.

සෞදි අරාබියේ ජීවත්ව සිටියදී බලහත්කාරයෙන් බෙතානි අල්හයිදාරි විසින්  අත්සන් කළ භාරකාර ගිවිසුමක්  ද ඔවුහු සොයා ගත්හ.

වොෂින්ටන් ප්‍රාන්ත අභියාචනාධිකරණයේ තීන්දුව මගින් පෙන්වා දෙන්නේ  බෙතානි අල්හයිදාරි සහ ඇගේ සෞදි හිටපු සැමියා වන ගසාන් අබ්දුල්රහ්මාන් අල්හයිදාරි අතර පවතින දිර්ඝකාලින ගැටළු රැසක  අවසානය මෙය  විය හැකි බවයි.



උසාවි ලේඛනවල, බෙතානි තම  සැමියා විසින් වාචිකව හා ශාරීරිකව අපයෝජනයට ලක් කළ බව ප්‍රකාශ කර ඇත.නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.නමුත් යුවළගේ දික්කසාදයෙන් පසු තම දියණියට ඇති අයිතිය ඇයට අහිමි වූ බව පැවසුවාය

ඔවුන්ගේ භාරකාර සටන අතරතුර, බෙතානි  බිකිනියකින් සැරසී යෝග අභ්‍යාස කරන ඡායාරූප පළ කළ අතර, ඇයව ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීම සහ මහජන සාමය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හේතු විය.එසේම එයිනුදු නොනැවතී ඇයට පිරිමි මිතුරෙකු සිටි නිසා ඔහු ඇයට අනාචාරයේ යෙදෙන බවට චෝදනා කළ අතර එරට තුල  මරණීය දණ්ඩනය ලබා දෙන අපරාධයක් වන ඉස්ලාමයට අපහාස කළ බවටද  ඇයට චෝදනා කළේය.ඒ අනුව ඇගේ නීත්‍යානුකූල භාර්යාව  ලෙස බෙතානිට තම දියණිය සමඟ සෞදි අරාබියෙන් පිටවීමට ඇගේ සැමියාගේ අවසරය අවශ්‍යව තිබිණ.



අනතුරුව බෙතානි අල්හයිදාරි සෞදි අරාබියෙන් පිටව යාමට සැලැස්මක් සකස් කළ අතර, එයට ඇගේ හිටපු සැමියාගෙන් සමාව අයැදීම සහ ඔහු සමඟ නැවත ආදරය කරන බව පෙන්වීම අවශ්‍ය විය.මෙම ව්‍යාජ සම්බන්ධය පිලිබදව ඇය ප්‍රකාශ කර සිටියේ ඇය දියණිය සමග එක්සත් ජනපදයට යනතෙක් මෙලෙස ව්‍යාජ රංගනයක නිරතවීමට අකමැත්තෙන් උවද සිදු වූ බවයි.

එක්සත් ජනපදයට පැමිණි පසු අල්හයිදාරි වොෂින්ටන් ප්‍රාන්තයේ හදිසි අධිකරණ බල ප්‍රදේශයේදී  නඩුව ගොනු කළාය.එක්සත් ජනපදය විදේශ භාරකාර නියෝග ක්‍රියාත්මක කරන බැවින්  නඩු වල බරපතල මානව හිමිකම් ගැටළු තිබේ නම් හැර අල්හයිදාරි සහ ඇගේ දියණිය එහි  රැඳී සිටිය හැකිද යන්න තීරණය කිරීම එක්සත් ජනපද උසාවියට පැවරුණි.

මේ අතර, අල්හයිදාරි සෞදි අරාබියේ සිරගතව සිටින පුද්ගලයන් වෙනුවෙන් විවෘත ක්‍රියාකාරිනියක  බවට පත්විය.

අල්හයිදාරි වොෂින්ටන් ප්‍රාන්ත නීතියේ වෙනසක් සඳහා බලපෑම් කළ අතර අවසනදී යම් ජාතියක ආගමික විශ්වාසයන්,ඇදහිලි අතහරිනවිට සහ එවැනි කරුණු වලට මරණීය දණ්ඩනය ලබා දෙන විට විදේශ රටවල අධිකරණ බලය නොසලකා හැරීමට ,රාජ්‍ය භාරකාර අධිකරණයට ඉඩ සලසයි යනුවෙන් දක්වා සංශෝධිත භාරකාර නීතිය අවසානයේ අභියාචනාධිකරණය විසින් සිය තීන්දුව ලබා දුන්නේය.

මෙම තීරණයෙන් පසු තමාට "අතිශයින් සහනයක්" දැනුණු බව අල්හයිදාරි පැවසුවාය .

ඇය  අවසනදී කියා සිටියේ “උදව් කරපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නීති සම්පාදකයින්, මගේ නීති කණ්ඩායම මේ හැමෝටම. ඒ වගේම  සෞදියේ සිටින අයත්  අපට ඉන් පිටතට යාමට  හුගක්  උදව් කළා,ඒ අයත් සිහිපත් කරනවා  ”යනුවෙන්ය.