කැස්ස සිරප් පානය කළ ළමුන් 200 කට අධික සංඛ්‍යාවක් මියයාමට හේතු වූ ඉන්දුනීසියානු සමාගමක ප්‍රධානියා සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔවුන්ට වසර දෙකක සිර දඬුවම් සහ ඉන්දුනීසියානු රුපියල් බිලියන 1 බැගින් (ශ්‍රීලංකා රුපියල් මිලියන 20) දඩයක් නියම විය.
මෙසේ අධික විෂ සහිත ද්‍රව්‍ය අඩංගු කැස්ස සිරප් නිෂ්පාදනය කරන බවට චෝදනා එල්ල වූයේ අෆි ෆාමා (Afi Farma) නම් සමාගමටය.
එම සමාගමේ නීතීඥවරයා පැවසුවේ ඔවුන් නොසැලකිලිමත්කම යන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් සමාගම අභියාචනය කරන්නේද යන්න සලකා බලන බවත්ය.
අෆි ෆාමා හි ප්‍රධාන විධායක ප්රසෙත්ය හරහාප්ට වසර හතේ සිට නවය දක්වා සිර දඬුවමක් සහ අනෙක් විත්තිකරුවන්ට වසර හත බැගින් සිර දඬුවම් නියම කිරීමට පැමිනිලිකරුවෝ ඉල්ලා සිටියහ.2021 ඔක්තෝබර් සිට 2022 පෙබරවාරි දක්වා කාලය තුළ සමාගමට කැස්ස සිරප් සෑදීම සඳහා භාවිතා කරන ප්‍රොපිලීන් ග්ලයිකෝල් කාණ්ඩ දෙකක් ලැබී ඇති බව රජයේ නීතිවේදියා පැවසීය.
මෙම කාණ්ඩවල 96% සිට 99% දක්වා එතිලීන් ග්ලයිකෝල් අඩංගු වූ බව නඩු පවරන්නා පැවසු අතර ද්‍රව්‍ය දෙකම ද්‍රාවක සඳහා ආකලන ලෙස භාවිතා කළ හැකි බවද ප්‍රකාශ කළේය.. ප්‍රොපිලීන් ග්ලයිකෝල් විෂ සහිත නොවන අතර එය ඖෂධ, රූපලාවන ද්‍රව්‍ය සහ ආහාර සඳහා බහුලව භාවිතා කරන මුත් , එතිලීන් ග්ලයිකෝල් විෂ සහිත වන අතර එය තීන්ත, පෑන් සහ තිරිංග තරල සඳහා භාවිතා කරයි.
මෙහිදී නඩු පවරන්නන් කියා සිටියේ සමාගම කැස්ස සිරප් වල භාවිතා කරන අමුද්‍රව්‍ය පරීක්ෂා නොකරන අතර ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ එහි සැපයුම්කරුගේ තත්ත්ව සහ ආරක්ෂණ සහතික මත විශ්වාසය තබා කටයුතු කිරීම යනුවෙන්ය.
එවිට Afi Farma ගේ නීතීඥ Samsul Hidayat පැවසුවේ ඉන්දුනීසියාවේ ඖෂධ නියාමකයාට ඖෂධ නිෂ්පාදකයින්ට අමුද්‍රව්‍ය පිළිබඳ දැඩි පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි.
කෙසේවෙතත් නැගෙනහිර ජාවා හි කෙදිරි දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා විත්තිකරුවන් සිව්දෙනා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ඖෂධ නිෂ්පාදන හිතාමතාම නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව තීරණය කළේය.
2022 සිට, ඉන්දුනීසියානු ළමුන් 200 කට වැඩි පිරිසක්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු පහට අඩු අය, කුප්‍රකට කැස්ස සිරප් වලට සම්බන්ධ උග්‍ර වකුගඩු ආබාධ නිසා මිය ගොස් ඇත. ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ මරණ 100ක් පමණ වාර්තා වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ වන විට ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේද නිෂ්පාදිත කැස්ස සිරප් හයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
0 Comments