Charles-Darwins-oak-tree-to-be-cut-down-amid-protests

පරිණාම වාදයේ පියා ලෙස ගෞරවයට ලක්වූ දේශ ගවේෂකයෙකු පර්යේෂකයෙකු හා විද්‍යාඥයෙකුවූ එංගලන්තයේ වාසය කළ චාල්ස් ඩාවින්ගේ සිහිවටන ස්ථානයක ඔහුට සෙවණ දුන් ඕක් ගසක් කපාදැමීම සම්බන්ධ මතභේදයක් හටගෙන ඇතැයි එංගලන්තයේ ෂ්‍රෙව්ස්බරි වෙතින් වාර්තාවේ.
අප කවුරුත් හදුනන චාල්ස් ඩාවින් අට හැවිරිදි වියේදී මෙම ඕක් ගසේ අතුවලට යටින් සෙවණෙහි හිඳ එහි අතුවලට නැඟෙන්නට ඇත. වසර දෙසීයකට පසුව, "ඩාවින්ගේ මෙම ඕක්"ගස ට මරණ දණ්ඩනය නියම කර ඇත්තේ ෂ්රූස්බරි මගහැර නව මාර්ගයක් සෑදීම සඳහා ය.

අනෙකුත් ඉපැරණි  ගස් අටක් සමඟ, වසර 550 ක් පැරණි, විවෘතව වැඩුණු ඕක් ගස, මීටර් 7 (අඩි 23) ක වට ප්‍රමාණයකින් යුක්ත වෙයි.
මෙම සැලසුම් කර ඇති Shrewsbury North West Relief Road (NWRR) මාර්ගයේ සැකසුම සදහා මේ වන විට පවුම් මිලියන 80 ක ඇස්තමේන්තුවක් සකසා ඇත.. නගරයේ උතුරු සහ බටහිර කොටස් සම්බන්ධ කර සකසන මෙම නව මාර්ගය පිළිබදව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව පවතී.



මෙම පෞරාණික ඕක් ගස සහ එහි අවට ශාක බේරාගැනීමේ දිගුකාලීන ව්‍යාපාරයක් තිබියදීත්, අඟහරුවාදා රාත්‍රියේ ෂ්‍රොප්ෂයර් ප්‍රාන්ත කවුන්සිලයේ සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත්  කමිටුවක් විසින් ඡන්ද හයකින් පටු ලෙස අනුමත කිරීමෙන් මෙම තීරණය ක්‍රියාත්මක කරන ලදී.

ස්වභාදහමේ සන්ධිස්ථානයක් වශයෙන් මෙම ඕක් ගස ගැන කියැවේ.
එය චාල්ස් ඩාවින්ගේ පියා වන රොබට් ඩාවින්ගේ නිවස වන " ද මවුන්ට්" අසල පිහිටා ඇත.එය තේජාන්විත, ආකර්ෂණීය ගසක් බව බොහො දෙනෙක්ගෙ අදහසයි .

 නව මාර්ගය සඳහා වූ විරෝධතා 5000 ක් පමණ යොමුව තිබුණත් සැලසුම් කමිටුව විසින් සැලැස්ම සම්මත කරන විට එය නොසලකා හරින ලදී.


කෙසේ නමුත් ප්‍රාදේශීය උද්ඝෝෂකයින් තවමත් බලාපොරොත්තුවෙන් සිටින්නේ ගස බේරා ගැනීමටයි. කවුන්සිලයේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටින පෙත්සමකට මේ වන විට අත්සන් 2,500 ක් ලැබී ඇත. නමුත් ඔවුන් අසමත් වුවහොත්,  බ්‍රිතාන්‍යයේ ස්වභාවික ඉතිහාසයේ තවත් ජීවමාන කොටසක් සදහටම නැති වී යනු ඇත.