Foreigners-and-injured-Palestinians-allowed-to-flee-Gaza-for-first-time

ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට තුවාල ලැබූ පලස්තීනුවන් සහ සියගණනක් විදේශීය ජාතිකයන් ගාසා තීරයේ සිට ඊජිප්තුවට යාමට පටන් ගෙන ඇති බව නිලධාරීන් සහ ඊජිප්තු මාධ්‍ය ප්‍රකාශ කර සිටියේය.

දරුණු ලෙස තුවාල ලැබූ පලස්තීනුවන් 81 දෙනෙකු බදාදා දින වන විට ඊජිප්තුවට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරයි. තවත් බොහෝ පිරිසක් දැනටමත් ඊජිප්තුව පුරා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 360 කට අධික පිරිසක් ද රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව ඊජිප්තු රජයේ නිලධාරියෙක් පැවසුවේය.



එම නිලධාරියා පැවසුවේ බොහෝ ගනනක් පිරිස කයිරෝ වෙත යමින් සිටින අතර සමහරුන් තම මව් රටවලට ආපසු යෑමට ගුවන් ගමන් වෙන් කර ගන්නා බවයි. ඔවුන් අතර ඔස්ට්‍රියාව, එක්සත් රාජධානිය, ජෝර්දානය, සෞදි අරාබිය, ඉතාලිය සහ ජපානය යන රටවලට අයත් ජාතිකයන් සිටින බව එම නිලධාරියා පැවසීය.

පවුල් හී සාමාජිකයින් සහ ආධාර කණ්ඩායම් පවසන පරිදි අවම වශයෙන් ඇමරිකානුවන් දෙදෙනෙකු පමණ ඊජිප්තුවට ඇතුළු වී ඇත. ප්‍රංශ පුරවැසියන් කිහිප දෙනෙකු ද ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව රජයේ බලධාරීහු පවසති.

සති තුනකට පෙර හමාස් සමඟ ඊශ්‍රායලයේ නවතම යුද්ධය ආරම්භ විය. ඒ තුලින් දහස් ගණන් මිය ගියහ. මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු සැලකිය යුතු ඉදිරි ගමනක් නියෝජනය කරමින්, තුවාල ලැබූ පලස්තීනුවන් සහ විදේශීය ජාතිකයන් ඇතුළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර තිබේ.

ඊජිප්තු නිලධාරියාට අනුව, අද දින ඊජිප්තුවට පැමිණීමට විදේශීය ජාතිකයන් 491 ක් ලියාපදිංචි කර ඇත. නමුත් ඉන් 130ක්  ලැයිස්තුවේ නම් ලියාපදිංචි නොවූ ඔවුන්ගේ පවුල් නොමැතිව දේශසීමා හරස් මාර්ගයට පැමිණීම ප්‍රතික්ෂේප කළහ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් පැවසුවේ රෆා විවෘත කිරීම තුලින් තවත් විදේශිකයින් 1,000 කට පමණ ඉක්මනින් පිටත්ව යා හැකි බවයි.

පලස්තීන ළමා සහන අරමුදල  පැවසුවේ ප්‍රාණ ඇපකරුවෙක් වූ කොලරාඩෝ හි ග්‍රෑන්ඩ් කලාපයේ සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍ය බාබරා සින්ඩ් ද දැන් සිටින්නේ ඊජිප්තුවේ බවයි.



ගාසා තීරයේ සිරවී සිටින ඇතැම් පලස්තීන-ඇමරිකානුවන්ට “ගාසාවෙන් පිටවීමේ අවසරය මේ සතියේ ලැබිය හැකි” බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇත.

එක්සත් ජනපද නිලධාරීන් විශ්වාස කරන්නේ බදාදා ප්‍රකාශයට පත් කරන ලද ගනුදෙනුවේ කොටසක් ලෙස 5,000 කට අධික විදේශීය ජාතිකයින්ට ගාසා තීරයෙන් ඊජිප්තුවට යාමට අවසර දිය හැකි බවයි.  එක් ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරියෙකු පැවසුවේ මුළු පිරිස 7,000 ක් පමණ විය හැකි බවයි. නමුත් එම සංඛ්‍යාව නිශ්චිත නොවන බව නිලධාරියා අවධාරණය කර ඇත.

ආසන්න වශයෙන් ඇමරිකානු පුරවැසියන් 400 ක් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්  1,000 ක් පමණ ගාසා තීරයේ සිරවී සිටින අතර ඔවුන් පිටව යාමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අඟහරුවාදා ප්‍රකාශ කළේය.

බදාදා දර්ශනය වූ දර්ශනවල ගාසා හරස් මාර්ගයේ ගිලන්රථ සමූහයක් පෙන්නුම් කලේය.

විදේශ කොන්සල් කාර්යාලවල නිලධාරීන් පිරිසක්ද හරස් මාර්ගයේ ඊජිප්තු පැත්තේ සිටගෙන සිටි බව ඊජිප්තු දේශසීමා නිලධාරියෙක්  පැවසීය.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි බදාදා පැවසුවේ “බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පිටත්ව යාමට හැකි වූ වහාම ඔවුන්ට සහාය වීමට එක්සත් රාජධානියේ සහාය කණ්ඩායම් සූදානමින් සිටින” බවයි.

බදාදා උදෑසන, තුවාල ලැබූ පලස්තීන රෝගීන් රැගෙන යෑම සඳහා ඊජිප්තු ගිලන්රථ 80 ක් පමණ  රෆා දේශසීමා හරස් මාර්ගයට ඇතුළු වූ බව ඊජිප්තු දේශසීමා නිලධාරියෙක් පැවසීය.

රෝගීන් ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දැනට රෝහලේ නොමැති ශල්‍යකර්ම කිහිපයක් අවශ්‍ය බව අල් ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් අබු සිල්මියේ පැවසීය.

බදාදා උදෑසන රෆා දේශසීමා හරස් මාර්ගයෙන් ඊජිප්තුවට ඇතුළු වූ තුවාල ලැබූ පලස්තීනුවන් හතළිස් පහක් මේ වන විට ඊජිප්තුව පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන බව ඊජිප්තු රජයේ නිලධාරියෙක් පැවසීය.



හමාස් විසින් ඔක්තෝම්බර් 7 දින ඊශ්‍රායලයට  මාරාන්තික  ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කලේය. ඒ නිසා ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමා වසා දැමීමටත්, එම ප්‍රදේශය පාලනය කරන සටන්කාමී කණ්ඩායම ඉලක්ක කර ගුවන් මෙහෙයුමක් දියත් කිරීමටත් පෙළඹිනි. ඒ තත්වය තුල මිලියන දෙකකට අධික ජනතාවක්,  යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරුව තුළ සිරවී සිටිති .

හමාස් පාලනය යටතේ පවතින ප්‍රදේශයේ මූලාශ්‍රවලින් උපුටා ගත්, රාමල්ලාහි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ජනාකීර්ණ තීරයට ඊශ්‍රායලය විසින් බෝම්බ හෙලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 8,700 ක් මිය ගොස් ඇත. මියගිය අයගෙන් 70% කට වඩා කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් බව අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ප්‍රධානියා මේ අතරතුර කාර්ය මණ්ඩලය හමුවීමට ගාසා තීරයට ගියේය. ඊජිප්තුවට ආපසු ගිය ඔහු එම ඛේදවාචකය  විස්තර කළේ "පෙර නොවූ විරූ" දෙයක් ලෙස ය.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියේ (UNRWA) කොමසාරිස් ජනරාල් Philippe Lazzarini, පැවසුවේ, "සනීපාරක්ෂිත නොවන ජීවන තත්වයන්" සහ "ජලය, ආහාර, ඖෂධ නොමැතිව ඇති කලාපයක සිදු කල මෙම සංචාරය "තම මානුෂීය කාර්යයේ දුක්ඛිතම දිනවලින් එකක්"වන බවයි. මේ වන විට ගාසා තීරයේ ඉන්ධන අවසන් වෙමින් පවතී.

“හැමෝම ඉල්ලුවේ වතුරයි කෑමයි විතරයි. ළමයි ඉස්කෝලේ, ඉගෙන ගන්නවා වෙනුවට වතුර උගුරක්, පාන් කෑල්ලක් ඉල්ලුවා. එය හද කම්පා කරවන සුළුයි. ඒ සියල්ලටම වඩා මිනිසුන් සටන් විරාමයක් ඉල්ලා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය මේ ඛේදවාචකය අවසන් කිරීමටයි,” ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සිකුරාදා ගාසා තීරයේ සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කලේය. බෝම්බ ප්‍රහාර සහ සටන්වල කැපී පෙනෙන වැඩිවීමක් මධ්‍යයේ ගාසා තීරයේ සිරවී සිටින පලස්තීන සිවිල් වැසියන් සහ විදේශීය ජාතිකයින්ගේ තත්වය වඩාත් භයානක විය.



ඊශ්‍රායල හමුදා ද යුද්ධයෙන් මියගිය අය අතර වේ. බදාදා, IDF තවත් සොල්දාදුවෙකුගේ මරණය ප්‍රකාශයට පත් කළ අතර, ගොඩබිම් ආක්‍රමණය ආරම්භයේ සිට මිය ගිය මුළු ඊශ්‍රායල සොල්දාදුවන් සංඛ්‍යාව 16 දක්වා ඉහල ගොස් ඇත. එම සංඛ්‍යාවෙන් 15 දෙනෙක් ගාසා තීරය තුළදී මිය ගියහ.

ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් බදාදා සවස පවත්වන ලද දේශනයකදී , හමාස් සංවිධානය “වෛරය පැතිරවීම” අරමුන කරන බව පවසමින් එක්සත්ව සිටින ලෙස ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊජිප්තුවේ උතුරු සිනායි හි පිහිටා ඇති රෆා හරස් මාර්ගය ගාසා තීරය සහ ඊජිප්තුව අතර ඇති එකම දේශසීමා හරස් මාර්ගයයි.

හමාස්ගේ මාරාන්තික ඔක්තෝම්බර් 7 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර දේශසීමා හරස් මාර්ග දෙකම වසා දමා ඇති අතර, රෆා යනු භූමියේ බාහිර ලෝකයට ඇති එකම පිවිසුම් ස්ථානයයි.

නමුත් ගාසා තීරයට සීමිත ආධාර ප්‍රමාණයක් ලබා දීම සඳහා විවෘත වූ අවස්ථා කිහිපයක් හැර හරස් මාර්ගය නිරතුරු වසා දමා ඇත.