Hasan-Razas-accusation-that-India-is-bowling-with-an-advantageous-ball

2023 ICC ලෝක කුසලාන තරඟාවලියේදී අනෙකුත් කණ්ඩායම් වලට වඩා වැඩි දෝලනය වීමක් සහිතව පන්දු යවමින් ශ්‍රී ලංකාව දකුනු අප්‍රිකාව ඇතුළු රටවල පිතිකරණය සුනුවිසුණු කරන්නට ඉන්දීය පන්දු යැවීම හේතුවී ඇත්තේ ඔවුන් පන්දු යැවීමේදී ලබාගන්නා වාසිදායක පන්දුවකින් බවට හිටපු පකිස්ථාන ක්‍රීඩක හසන් රාසා රූපවාහිනී වැඩසටහනකදී දක්වා තිබෙන පැහැදිලි කිරීමක් මේ වනවිට ආන්දෝලනයට ලක්ව තිබේ.
ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ ඒබීඑන්නාලිකාව සමගිනි. ඔහුගේ ප්‍රකාශය මතුවන්නේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ලකුණු 55කට ශ්‍රී ලංකා පිල දැවීගිය අනපේක්ෂිත තරගය අවසානයේය.
ඉන්දීය පන්දු යවන්නන්ට විවිධ පන්දු ලබා දුන් බවට හිටපු පකිස්ථාන ක්‍රීඩක හසන් රාසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා කළේය. ඉන්දියාව ලබාගන්නා පන්දු විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි ඔහු මේ සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තෙවැනි විනිසුරුට දොස් පැවරීමට උත්සාහ කළේය.



“ඉන්දියානු පන්දු යවන්නන් වැඩි දෝලනයක පන්දු යැවීමක් පවතින නමුත් ඉන්දීය පිතිකරුවන්ට පන්දු යවන විට අනෙක් කණ්ඩායම්වලට එය සිදු නොවේ. ICC ඉන්දියාවට පන්දු යැවීමට එන විට විවිධ පන්දු ලබා දෙනවා. BCCI සහ තුන්වන විනිසුරු පවා සම්බන්ධ බව පෙනේ ”ඔහු පැවසීය.
ඔහුගේ අදහස වන්නේ එක් පැත්තක් බර වාසිදායක බෝලයක් ඉන්දියාවට ලැබෙන බවටය.
මෙම ප්‍රකාශය ගැන එදින විවිධ අදහස් පළවන අතර ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආකාෂ් චොප්රා මෙම චෝදනාව 'උපහාසය'ට කළ එකක් ලෙස බැහැර කර තිබුණි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සත්කාරක ඉන්දියාවට අනුග්‍රහය දක්වන බවට ක්‍රීඩා පාලක මණ්ඩලයට හිටපු පාකිස්තාන පිතිකරු හසා රාසා දැඩි ලෙස චෝදනා කිරීමත් සමඟ පකිස්තානයේ ජනප්‍රිය වේග පන්දු යවන්නෙකු වූ වසීම් අක්‍රම් ICC ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී ප්‍රකාශයක් සිදුකර තිබේ.



ABN ප්‍රවෘත්ති සේවයේ සාකච්ඡාවකදී රාසා කියා සිටියේ තරඟාවලියේ අනෙකුත් කණ්ඩායම් නවයට වඩාදෝලනය වීමට ඉන්දීය පන්දු යවන්නන්ට විවිධ පන්දු ලබා දුන් බවයි.
 අක්‍රම්, තම සගයාගේ විවේචනය සමච්චලයට ලක් කළ අතර ඔබ ඔබට පමණක් නොව අප (පකිස්තාන් ජාතිකයන්) ද අපහසුතාවයට පත් කර තිබෙනවා යයි කීය.
 ESPN Star Sports වෙත අක්‍රම් මෙසේ කීය.

“එය විහිළුවක් විය. මුළු ලෝකයම ඉදිරියේ අපට (පකිස්ථානයට) අපහාස කරන්න එපා. බෝල 10 කින් යුත් පෙට්ටියක් නිලධාරියෙකු විසින් ඇඳුම් පැළඳුම් කාමර දෙකකට රැගෙන යයි. කණ්ඩායම් දෙකම ඔවුන්ගේ පළමු සහ දෙවන විකල්පය ලෙස පන්දු දෙකක් තෝරා ගනී.

තෝරාගත් පන්දු සහ ඉතිරි පන්දු තරඟ තීරකවරයා වෙත භාර දෙනු ලබන අතර, පසුව ඔහු ඒවා පිටියේ විනිසුරුවන් වෙත ලබා දෙනු ලැබේ. ඉන්දීය පන්දු යවන්නන් වැඩි වැඩියෙන් දෝලනය වන්නේ ඔවුන් වැඩිපුර යමක් කරන නිසාත් කලාව ඉගෙනගෙන ඇති නිසාත් ය. “

පාකිස්තානයේ හිටපු නායකයන් වන ෂොයිබ් මලික් සහ මිස්බා උල්-හක් ද රාසාගේ චෝදනාව සම්බන්ධයෙන් අක්‍රම්ගේ මතයට අනුකූලතාව දක්වා ඇත.