ඊශ්‍රයාල හමාස් යුද ගැටුම් තවමත් නොවිසදුනු ගැටළුවලට අත වනමින් සිටින අතර දවසින් දවස වාර්තා වන්නේ එතරම් සුබදායි කතන්දරනම් නොවේ.
ශිරි බිබාස් සහ ඇගේ දරුවන් සම්බන්ධවද ඇත්තේ එවැනිම කතාවකි.
ශිරි බිබාස් සහ ඇගේ දරුවන් වූ , සිව් හැවිරිදි ඒරියල් සහ මාස 10 ක් වයසැති කෆීර් හමාස් විසින් තවමත්  නිදහස් කර නොමැති අතර ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක්ද මේ වන විට ලැබී  නොමැත.

ඔවුන් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ වෙනත් කණ්ඩායමකට ලබා දෙන්නට ඇතැයි ඔවුන්ගේ පවුල සැකකරයි.
ශිරිගේ ඥාති සොහොයුරියක් වන Yifat පැවසුවේ  ඔවුන් එනතුරු බලා සිටීම සහ දරාගැනීම ඉතාමත් වේදනාකාරී වන බවයි.

ඇය වැඩි දුරටත් පැවසුවේ එය ඇත්තෙන්ම විශාල  කලකිරීමක් බවත් ,කුමන කණ්ඩායමක් ඔවුන්ව අල්ලාගෙන සිටියත් ඔවුන්ව ආපසු ලබා දෙනු ඇතැයි ඇය  බලාපොරොත්තු වෙන බවත් ය.

සැබවින්ම ශිරි බිබාස් සහ ඇගේ දරුවන් වෙනත් කණ්ඩායමකට ලබා දී ඇත්නම්, ඔවුන් නිදහස් නොකළේ මන්දැයි ගැටළු සහගත බවද ඇය සදහන් කළාය



මේ පිලිබදව Yifat කියා සිටියේ 'මම  හිතන්නේ ඔවුන් මනෝවිද්‍යාත්මක ක්‍රීඩා කරනවා,ඒක ම්ලේච්ඡයි. ඒත් මේ වගේ බිහිසුණු දේවල් කරපු ත්‍රස්තවාදී සංවිධානයකින් ඔයාට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ඔවුන් තව අවි ආයුධ ගන්න හෝ මිසයිල විදින සඳහා ඉන්ධන ලබාගන්න  මේ වගේ දේ කරනවා විය හැකියි.' යනුවෙනි.

'අපි එකම පවුලක්.අම්මලා ගොඩක් ඉන්නවා, ගොඩක් ළමයි එයාලගේ අම්මලා තාත්තලාව වහල්කමට ගෙනියනකම් බලාගෙන ඉන්නවා. ගොඩක් පවුල් වල පැහැරගෙන යාම් සිදුවෙලා තියෙනවා.ඒ වගේම තමන්ගේ ආච්චිලා සීයලා නැති වුණ,තමන්ගේ අය තමන්ට අහිමි වුන හුගක් අය ඉන්නවා.කෆීර් කියන්නේ මාස 10ක දරුවෙක්.
මට ඔහු ගැන   සිතීම නවත්වන්න බැහැ, ඔවුන්  කන්නේ මොනවාද, ඔවුන්  නානවාද, ඔවුන්ට  පහර දෙනවාද මේ කිසිවක් අපි දන්නේ නැහැ.මට පේනවා ඒ ළමයි ආපහු ඇවිත් ඔවුන් කිසිම දෙයක් නොකෑ හැටි ගැන කියනවා.ඔවුන්ට  ඔවුන්ගේ  ළදරු කිරිපිටි අවශ්‍යයි, ඔවුන්ගේ  පෝෂණය අවශ්‍යයි.දන්නවද තව දවසක් බලන් හිටියොත් සමහර විට අපිට එයාව නැති වෙයි. ඇය කීවාය.

සටන් විරාමය දීර්ඝ කිරීම බදාදා රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

එය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා තිරය පිටුපස දැඩි සාකච්ඡා මේ වන විටද  පැවැත්වෙන අතර දෙපාර්ශවයේම  ප්‍රකාශයන් යෝජනා කරන්නේ එය කළ හැකි මට්ටමක පවතින බවයි.