Orders-to-examine-the-mind-of-the-wife-who-cut-off-her-husband's-penis-with-a-parrot

යුද හමුදා  සෙබළෙකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා  බරපතළ තවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකක් වටිනා  ශරීර ඇප දෙකමත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මන්ත්‍රාත් සහ අතිරේක දිසා  විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

අනුරාධපුර, යහලේගම  පදිංචිකාරියකට මෙසේ ඇප නියම කෙරිණි.සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහල් මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව යම් මස 17 වැනිදා  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  වැඩිදුරටක් නියෝග කළේය.



තොප්පිගල ප්‍රදේශයේ යුද හමුදා  කඳවුරක සේවය කරන තම සෙබළ සැමියා  දිවා කාලයේ නිවස් නිදා ගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා  බරපතළ තුවාලු සිදු කර ඇති බවත් පසුව සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලීසිය පැවසීය.

අගතියට පත් පැමිණිලිකාර යුධ හමුදා  සෙබළා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ නලික් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ මෙරට පැවති තිස් වසරක යුද්ධයේ දරුණු සටන් අවස්ථාවන්වලට පවා  මුහුණ දුන්  යුධ  හමුදා සෙබළෙකු වන සිය සේවාදායකයා  දරුණු සටන් පැවති යුද බිමේදී පවා  මෙවැනි විපතකට මෙන්ම   වේදතාවකට පත් නොවූ බවද කීවේය.



සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සංජ්ය රත්නායක මහතා  ප්‍රශ්න කර සිටියේ පැමිණිලිකරු යුද හමුදා සෙබළෙක් නම් සිය බිරිද ඔහුගේ පුරුෂ  ලිංගය ගිරියකින් කපන තුරු ඔහු බලා සිටියේ මන්ද? යන්නයි. දරුණු යුද අවස්ථාවන්වලට මුහුණ දී සිය ජීවිතය සහ අත පය ආරක්ෂා කර ගත් හමුදා  සෙබළෙකුට බිරිදගෙන් සිය පුරුෂ ලිංගය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ මන්දැයි යන්නද නීතිඥවරයා  තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කවරක්කුලම පොලීසියේ නිලධාරීන් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර මහතාත් සැකකාරිය වෙනුවෙන් නීතිඥ සංජය රත්නායක මහතාත් පෙනී සිටියේය.

අනුරාධපුර - උපාලි ආනන්ද