ලතින් ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් වන ෂකීරා , ස්පාඤ්ඤ බදු බලධාරීන්ට යුරෝ මිලියන 14.5ක මුදලක් (පවුම් මිලියන 12.7ක්) වංචා කිරීමේ චෝදනාව මත සඳුදා දිනයේ දී බාර්සිලෝනාහි උසාවියට ඉදිරිපත් වීමට නියමිතය.

තම දරුවන් දෙදෙනා සමඟ මියාමි හි ජීවත් වන 46 හැවිරිදි කොලොම්බියානු ගායිකාව මෙම චෝදනාවට වැරදිකරු වුවහොත් , වසර අටක සිර දඬුවමක් සහ යුරෝ මිලියන 24 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.  

මෙම නඩුව පදනම් වී ඇත්තේ 2012 සිට 2014 දක්වා කාලය තුළ ෂකීරා ස්පාඤ්ඤයේ පදිංචිකරුවෙකු ලෙස මාස හයකට වඩා වැඩි කාලයක් ගත කළ බවට වන ප්‍රකාශය මතයි.  බදු සඳහා වගකිව යුතු බවට වන චෝදනාවන් ඇය ප්‍රතික්ෂේප කරයි.

ඇය ස්පාඤ්ඤයේ පදිංචිකාරියක් බව ඔප්පු කිරීම සඳහා,  සාක්ෂිකරුවන් 117 දෙනෙකු කැඳවා තිබේ. සාක්ෂිකරුවන් අතරට කොණ්ඩා මෝස්තරකරුවන්, චිත්‍රාගාර කාර්මික ශිල්පීන්, නර්තන ගුරුවරුන්, චිකිත්සකයින්, රූපලාවන්‍ය ශිල්පීන්, නාරිවේද වෛද්‍යවරුන් සහ ඇගේ රියදුරු ද ඇතුළත් වෙයි.

ගායිකාව බදු බලධාරීන්ට චෝදනා කරන්නේ , මෙය තම ප්‍රතිරූපයට හානි කිරීමට සහ අනෙකුත් ස්පාඤ්ඤ බදු ගෙවන්නන්ට පාඩමක් උගැන්වීම සදහා ගෙන යන ව්‍යාපාරයක් බව පවසමිනි.  පැමිණිල්ල විසින් කියා සිටින්නේ ඇය හිතාමතාම තම ඉපැයීම් බදු සඟවා මහා භාණ්ඩාගාරයට වංචා කිරීමට සූදානම් වූ බවයි.



“මේවා බොරු චෝදනා. පළමුවෙන්ම කියන්න ඕන මම ඒ කාලේ අවුරුද්දක්වක් ස්පාඤ්ඤයේ ගත කළේ නැහැ. මම ලොව පුරා තියෙන මගේ වෘත්තීය කටයුතු ඉටු කිරීමට කාර්යබහුල වී හිටියේ. දෙවනිදේ තමයි, ඔවුන් නඩුවක් ගොනු කිරීමට පෙරම -  ඔවුන් මට ගෙවිය යුතු යැයි කියා සිටි සියල්ල මම ගෙව්වා. ඉතින් අද වෙනකොට මම එයාලට ණය නැහැ."  යැයි ශකීරා පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය.

“මම ස්පාඤ්ඤ පුරවැසියෙක් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව ස්පාඤ්ඤ බදු බලධාරීන් දැනගෙන , ඒකට කෙළ හලන්න පටන්ගත්තා. සල්ලි පස්සෙ යන්න ඔවුන්ට යන්න ඕන වෙලා තිබුන බව පැහැදිලියි. මම අවශ්‍ය වේලාවට ස්පාඤ්ඤයේ නොසිටි බවත්, ස්පාඤ්ඤය තුළ මගේ රැකියා ස්ථානය හෝ මගේ ආදායම් මාර්ගය නොමැති බවත් ඔවුන් දැන සිටියා. ඒත් ඔවුන් තවමත් මා පසුපස එන්නේ ඔවුන්ගේ ත්‍යාගය ලබා ගැනීමේ අරමුණෙන්." යැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.

 නඩු විභාගය දෙසැම්බර් 14 වන දින දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත්, 2018 වසරේ දී යුරෝ මිලියන 6.6 බදු ගෙවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද ගායිකාවට වෙනම චෝදනාවක් එල්ල වී තිබේ .



ෂකීරා පසුගිය වසරේ ඇගේ සහකරු ජෙරාඩ් පික්ගෙන් වෙන් වූයේ ඔහු අනියම් සම්බන්ධයක් පවත්වන බවට පවසමිනි . ඉන් පසුව ඇය “ඩිස්” ගීතයත් සමඟ ජනප්‍රිය වූවාය. මෙම ගීතය පැය 24ක් තුළ මිලියන 63ක් නරඹා ඇති අතර, එය මෙතෙක් යූ ටියුබ් හී තැබූ ඉහළම වාර්තාවද විය.

එසේම පසුගිය සතියේ දී ෂකීරා විසින් සෙවිල් හි පැවති උත්සවයකදී හොඳම ගීතය ඇතුළුව ලතින් ග්‍රැමී සම්මාන තුනක් දිනා ගත්තාය.