Zuckerberg,-who-went-to-combat-training-and-suffered-a-leg-injury

ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සටන් ක්‍රම පුහුණුවක් ලබමින් සිටියදී ඔහුගේ දණහිසේ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇත.
ප්‍රකෝටිපති ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කරමින් කියා සිටියේ ලබන වසරේ මුල් භාගයේ තරඟකාරී  සටනක් සඳහා වූ ඔහුගේ පුහුණුවේ කොටසක් වන ‘ස්පාරිං‘ අතරතුර ඔහුගේ  දණහිස් සන්ධි වල මෙම ආබාධය  හටගත් බවයි.


39 හැවිරිදි ඔහු  වැඩි දුරටත් පවසා සිටියේ "මම සුවය ලැබීමෙන් පසුව එය කිරීමට තවමත් බලා සිටිමි." ලෙසිනි.

සකර්බර්ග්  2020 වසරේ සිට සටන් කලාවන් ප්‍රගුණ කරයි.ඔහු මැයි මාසයේදී කැලිෆෝනියාවේ පැවති ඔහුගේ පළමු බ්‍රසීලියානු ජියු-ජිට්සු තරගයේදී රන් සහ රිදී පදක්කම් දිනා ගත්තේය.

ආබාදයෙන් පසු ඔහු තම වම් පාදය වෙළුම් පටියක් දමා එල්ලා සිටින  ලද සහ හස්තයක් එසවූ පින්තූරයක් සමාජ මාධ්‍ය තුළ පළ කළේය. සකර්බර් ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් තම නළල පිසදමා තුවාල වූ කකුලේ පාදයේ ෆ්ලිප් ෆ්ලොප්  එකක් තබන පින්තූරයක් ද බෙදා ගත්තේය.

ජූනි මාසයේදී, ඔහුගේ තරගකාරී තාක්ෂණික දැවැන්තයෙකු වන 51 හැවිරිදි එලොන් මස්ක්, ට්විටර් සමඟ තරඟ කිරීමට සමාජ මාධ්‍ය වේදිකාවක් ගොඩනැගීමට සැලසුම් කරන බව සකර්බර්ග්ගේ ඉන්ස්ටග්‍රෑම් වාර්තා කිරීමෙන් පසු ඔහුට  සටනකට අභියෝග කළේය.



එයට සකර්බර්ග් මහතා ප්‍රතිචාර දැක්වූයේ "මට ස්ථානය එවන්න" යන වචන වලිනි.

මෙම සටන රෝමයේ කොලෝසියම් හිදී පැවැත්වීමට නියමිතව තිබූ බව වාර්තා වූ නමුත් පසුව ඉතාලි රජය විසින් මෙය ප්‍රතික්ෂේප කරන ලදී. ෆෝබ්ස් සඟරාවට අනුව, මාස දෙකකට ආසන්න නින්දා සහගත ප්‍රකාශ  කිරීම්වලින් පසුව, සකර්බර්ග් මහතා මස්ක් මහතාට කෙටි පණිවිඩයක් හරහා පැවසුවේ “කිසිදා සිදු නොවන දෙයක් උද්දීපනය කිරීමට අවශ්‍ය නොවන” බවයි.

 දණහිසේ ඉරීමක් යනු  ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සුලභ තත්වයකි. නමුත් එය යථා තත්ත්වයට පත් වීමට මාස නවයක් පමණ  ගත විය හැකිය .