සොරා­ගත් ත්‍රිරෝද රථ­වල යමින් කොළඹ නග­රයේ සුපිරි වෙළ­ඳ­සැල් හා නිවා­ස­වල සවි­කර තිබෙන වායු සමී­ක­රණ යන්ත්‍ර­වල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරු­දුව සිටී තිදෙ­නෙ­කු­ගෙන් යුත් කල්ලි­යක් මෙරට නිෂ්පා­දිත ජීව අත්බෝ­ම්බ­යක් සමඟ (25) දා අත්අ­ඩං­ගු­වට ගත් බව මාලි­ගා­වත්ත පොලි­සිය පව­සයි.



ඒ සමඟ වායු සමී­ක­රණ යන්ත්‍ර 15 , ඒවා ගැල­වීම සඳහා භාවිතා කරන උප­ක­රණ තොග­යක්, ත්‍රීරෝද රථ­යක් සහ හෙරො­යින් ග්‍රෑම් 10 පොලිස් භාර­යට ගෙන තිබේ.

මාලි­ගා­වත්ත ප්‍රදේ­ශයේ සුපිරි වෙළ­ඳ­සැල් දෙකක වායු සමී­ක­රණ සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් සම්බ­න්ධ­යෙන් ලද පැමි­ණි­ල්ල­කට අනුව විම­ර්ශන සිදු කර­මින් සිටි­යදී මාලි­ගා­වත්ත ප්‍රදේ­ශ­යේදී හෙරො­යින් ග්‍රෑම් 10 සමඟ අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­ය­කු­ගෙන් ලද තොර­තු­ර­කට අනුව වායු සමී­ක­රන සොරා­ගැ­නීමේ මහා පරි­මාණ ජාවා­ර­මක සුල­මුල අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බව පොලී­සිය කියයි.  


කොට්ටාව - ප්‍රදීප් කුමාර