actor-arrested

විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයෙන් නිකුත් කරන ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නඵවෙක් ඇතුළු තිදෙනකු පානදුර වලාන මධ්‍යම දූෂණ මරිදන ඒකකය මගින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර නළුවා තදින්ම කැසිනෝ සූදුවට ඇබ්බැහිව සිටින්නකු බවත්, ඔහු දිනකට රුපියල් කෝටියකට අධික මුදල් කැසිනෝ ක්‍රීඩාවෙන් පරදින බව ද පොලිසිය පවසයි. පොලිසිය මගහරිමින් විවිධ ප්‍රදේශවල හෝටල්වල සැඟව සිටින. සැකකරු ඩුබායි රාජයේ සංචාරයකට ගොස් යළි පැමිණ පැය 24 ක් ගත වන්නට මත්තෙන් මෙලෙස අත්අඩංගුවට පත් වූ බව ද පොලිසිය පවසයි.

සැකකරු විද්‍යුත් මාධ්‍ය ආයතන, ගුවන් විදුලි ආයතන රැසක මාධ්‍යවේදියකු හා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන්තනතුරු රැසක් හොඹවා ඇති පුද්ගලයකු බව ද පොලිසිය පවසයි. චිත්‍රපට, ටෙලිනාට්‍ය, සහය නළුවෙක් වශයෙන්ද වෙළඳ දැන්වීම්වල සැකකරු රගපාන බවත්, ඔහු ඒවා ආභරණයක් කරගෙන මේ ආකාරයෙන් පුද්ගලයන් රවටා ඇති බවද පොලිසිය පවසයි.

මෙම සැකකරු ඉතාලි රාජ්‍යයේ රැකියා ලබා දෙන බවට පවසමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඔහුගේ ගෝලයන් දෙදෙනා හරහා විවිධ ප්‍රචාරය කරමින් මෙම වංචාව සිදුකර ඇති බව ද පොලිසිය පවසයි.මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 20 ක් බැගින් මුදලක් ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවත්, මෙම වංචා සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණිලි 25 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද පොලිසිය පවසයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව එහි බුද්ධි නිලධාරීන් යොදවා සිදුකළ මෙහෙයුමකින් පසු එක් සැකකරුවෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහුගෙන් හෙළි වූ තොරතුරු මත පොලිසිය උපක්‍රමශීලිව ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරු මුදල් ලබා දීමට යැයි පවසා කොටුව දුම්රිය ස්ථානය වෙත ගෙන්වාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.



මෙම ප්‍රධාන සැකකරු පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර කැසිනෝ ක්‍රීඩාවේ හා විදෙස් සංචාරවල නිරත වන බවද පොලිසිය පවසයි.සැකකරුවන් වට්ස්ඇප් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් මෙම වංචාව සිදුකර ඇති බවත්, දුරකතන ඇමැතුම් නොගෙන  ඔවුන් සියලු සම්බන්ධකම්  පවත්තා ඇත්තේ සමාජ මාධ්‍ය හරහා පමණක් බවද පොලිසිය පවසයි.මොවුන් සුපිරි හෝටල්වල  නැවතී සිට මෙම වංචාව කර ඇති බවත්, මෙම මුදල් වලින් ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගතකර ඇති බවද පොලිසිය පවසයි. අවිස්සාවේල්ල පොලිසියට පමණක් සැකකරුට එරෙහිව පැමිණිලි 5 ක් ලැබී ඇති බවත්, ඔහුට එරෙහිව වැඩිම පැමිණිලි ඇත්තේ  අවිස්සාවේල්ල පොලිසියට බව ද පැවසේ.
ඉන්දිකා රාමනායක