අනාගතයේ දී පුද්ගලයෙකුට වසර 10 ක් ඇතුළත හෘදයාබාධයක් වැළඳීමේ අවදානමක් තිබේදැයි අනාවැකි කීමට කෘතිම බුද්ධිය භාවිතා කළ හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
මෙම තාක්ෂණය මගින් රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම වැඩිදියුණු කිරීමට හැකි වන අතරම, ජීවිත දහස් ගණනක් බේරා ගත හැකි බව ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
මෙම අධ්යයනයනයට අරමුදල් සපයන ලද්දේ බ්‍රිතාන්‍ය හෘද පදනම (BHF) විසිනි. මෙම අධ්‍යනයෙන් AI මගින් ධමනි වල අවහිරතා හෝ පටු වීම හඳුනා ගැනීමට භාවිතා කරන හෘද CT ස්කෑන් වල නිරවද්‍යතාවය වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න සොයා බැලීය.
“අපගේ අධ්‍යයනයන් මගින් පපුවේ වේදනාව සමඟ රෝහල්ගතව සිටින සමහර රෝගීන්ට,ඉදිරි දශකය තුළ හෘදයාබාධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් නොමැති බව හා ඔවුන්ගේ හෘද ධමනි තුළ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බව පවා හදුනා ගැනීමට හැකියාව තිබේ. එසේම වෛද්‍යවරුන්ට අවදානම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමෙන්, බොහෝ හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රමය වෙනස් කළ හැකි සහ වැඩිදියුණු කළ හැකි බව මෙහිදී අපි පෙන්නුම් කළෙමු.” යැයි BHF හි හෘද වාහිනී වෛද්‍ය විද්‍යාව පිළිබඳ සභාපති සහ ඔක්ස්ෆර්ඩ්හි මහාචාර්ය Charalmbos Antoniades පැවසූවේය.
සෑම වසරකම එක්සත් රාජධානියේ පුද්ගලයින් 350,000 ක් පමණ CT ස්කෑන් පරීක්ෂණයක් සිදු කරයි. නමුත්, BHF ට අනුව, කුඩා, හඳුනාගත නොහැකි පටු වීම් හදුනා ගැනීමට අසමත් වීම හේතුවෙන් බොහෝ රෝගීන් පසු කාලීනව හෘදයාබාධවලින් මිය යති.
පර්යේෂකයන් විසින් එක්සත් රාජධානියේ රෝහල් අටකදී සාමාන්‍ය හෘද CT ස්කෑන් පරීක්ෂාවට ලක්වන රෝගීන් 40,000කට අධික සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කරන ලද අතර, එහි මධ්‍ය පසු විපරම් කාලය වසර 2.7 කි.
AI මෙවලම වසර අටකට ආසන්න කාලයක් පුරා තවත් රෝගීන් 3,393 දෙනෙකු පරීක්ෂාවට ලක් කරන ලද අතර , එමගින් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම නිවැරදිව පුරෝකථනය කිරීමට හැකි විය. පසුව AI-ජනනය කරන ලද රෝගීන් 744කගේ අවදානම් ලකුණු වාර්ථා වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 45%ක් පමණ වන ප්‍රතිකාර සැලසුම් වෛද්‍යවරුන් විසින් වෙනස් කරන ලදී.
Antoniades තවදුරටත් පැවසූවේ “මෙම AI මෙවලම ඉක්මනින් NHS හරහා ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එමගින් එක්සත් රාජධානියේ සෑම වසරකම හෘදයාබාධවලින් සිදු වන මරණ දහස් ගණනක් වැළැක්වීමට උපකාර වන බවත්ය.”
ධමනිවල "සැලකිය යුතු" පටු වීමක් පෙන්නුම් කරන ලද ප්‍රතිඵල තුළින් බරපතල හෘදයාබාධයකට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි බව ඔවුන් සොයා ගන්නා ලදී. එය අගයක් ලෙස ගත් කළ, "සැලකිය යුතු" පටු වීමක් පෙන්නුම් නොකරන පිරිසට සාපේක්ෂව දෙගුණයක ප්රතිශතයකි.
BHF හි වෛද්‍ය අධ්යක්ෂ මහාචාර්ය ශ්‍රීමත් නිලේෂ් සමනි පැවසුවේ අනාගත හෘදයාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය හඳුනා ගැනීමේදී AI මත පදනම් වූ තාක්ෂණයට කළ හැකි වටිනා කාර්යභාරය පිළිබදව මෙම පර්යේෂණයෙන් පෙන්නුම් කරන බවයි.
0 Comments