ajith-p-perera-speaks

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත තත්වය හා එය පාර්ලිමේන්තු පනතක් මගින් වෙනස් කළ යුතුආකාරය ගැන සජබ හිටපු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.

“අපේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න තිබුණු එකම දේ ලෝකේ ඉස්සරහ ගිහිල්ලා කයිවාරුවක් ගහන්න තිබිච්ච එකම දේ. ඒ තමයි ක්රිකට් ක්රීඩාව. ක්රිකට් ක්රීඩාව අද දූෂණ නිසාත් අකාර්යක්ෂම භාවය නිසා වලපල්ලටම ගිහින්.
හොරකම විතරක් නෙමෙයි අකාර්යක්ෂම බව ඒ වගේම තීරණ ගැනීමේ දෝෂ සහගත භාවයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝක කුසලාන තරගාවලියේදී පෙන්නුම් කරන්නේ දිගටම තිබුණ ප්‍රශ්නයක අවසන් අග්‍රඵලයයි.
ශ්රී ලංකා කණ්ඩායම තරග කරපු අවසන් ක්රිකට් තරග 100 ගත්තොත් ඔවුන් ජයග්රහණය කරලා තියෙන්නේ තරඟ විස්සක් විතරයි. සාර්ථකත්වය සියයට විස්සක්. මේක ඉතාම නරක තත්ත්වයක් . මේ නිසා ලෝක කුසලාන තරඟාවලියේ සාර්ථක අසාර්ථකභාවය මත නෙමෙයි මේ කාරණය ගැන අපි කියන්නේ.

ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඉතාම දූෂිත ආයතනයක්.
ඒ අායතනයේ නිලදාරීන් තෝරා ගැනීමේ ක්රියාවලියට අදාළ ඡන්ද බලය ඉතාම දූෂිත වළල්ලකට ලක්කරල තියෙනවා.
දැන් දිස්ත්රික් ක්රිකට් සම්මේලන වල සභාපතිල තමා තෝරන්නෙ. ඒවයෙ ඉන්නේ දූෂිතයන් හොරු, මංකොල්ල කාරයෝ, පාතාල කාරයෝ ක්රිකට් පාලක මණ්ඩලයේ පේරොල් වලට ඒ අය අරගෙන තියෙනවා. ඒ කියන්නේ ළඟට අරගෙන මාස්පතා ලක්ෂ ගණන් මුදල් දීලා තමයි ඡන්දය දිගටම අරගෙන මේක තනතුරු රැකගන්නෙ. සුදුස්සන්ට තැනක් දීම වෙනුවට ඒ හරහා අර ඡන්ද බලය තියෙන ක්රීඩා සමාජවලින් නිලධාරීන්ව තමන්ගේ පාලනයට යටත් කර බලය අල්ලං ඉන්නවා.
ක්රිකට් පාලක මණ්ඩලයේ වරප්රසාද ලබමින් කෝටි ප්රකෝටි ගණන් ධනය ලබමින් ඒ හරහා ජීවත්වීමේ ක්රමයක් හදාගෙන ඉන්නවා.


මෙරටේ ධනවත්ම ක්රීඩා ආයතන හැටියට ඔවුන් තමන්ගේ පැවැත්ම ස්ථිර කරගන්නව මිසක් ක්‍රිකට් හදන්න යන් නැහැ.
මේ දූෂිත ආයතනය මේ ක්රමවේද වෙනස් කළ යුතුයි.
 ලේකම් තුමාට විතරක් ඉල්ලා අස්වෙන්න මොනවා හරි කොන්දක් තිබිච්ච ගැන සතුටුයි. පෙරේත කම තියන තාමත් තව පිරිසක් ඉන්නේ. අපි අස්වෙන්නෙ නෑ මරාගෙන මැරෙනවා කියාගෙනයි
ක්‍රීඩා ඇමතිට ශක්තිය තියෙන්න ඕනෙ නීතියෙන් ක්රීඩා පනත අනුව ගත යුතු පියවර ගන්න.
ඊලඟට  මේ ක්රිකට් පාලක මණ්ඩල නිලධාරීන් තෝරා ගැනීමේ ක්රියාවලිය දූෂිතයි කියලා අපි නෙවෙයි කියන්නෙ.මෙරටේ ප්රධාන ක්රීඩකයෝ අභියාචනාධිකරණයට ගිහින් කිව්වා.ඒක දැන් එතැන නැවතිල තියෙන්නෙ
එනිසා මේ ක්රමවේදය වෙනස් කරන්න පාර්ලිමේන්තු පනතක් ගේන්න පුළුවන්.


උසාවි ගිහින් කියලා කරන්න බැරි නම් පාර්ලිමේන්තු පනතක් අරගෙන පාර්ලිමේන්තුව පුළුවන් ඒක කරන්න.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ බලය පාර්ලිමේන්තු පනතකින්.
සම්මත කරලා එහි නියෝජිතත්වය ජාතික කණ්ඩායම ජාතික කණ්ඩායම නියෝජනය කරපු. ක්රීඩකයන්ට පමණයි දෙන්න කියලයි අපි කියන්නෙ.
බලන්න අද ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක සභාවේ කවුද ඉන්නේ කියලා ජාතික කණ්ඩායම නියෝජනය කරපු කෙනෙක්.
ශ්රී ලංකාව වෙනුවෙන් අවුරුද්දක් දෙකක්වත් ක්‍රිකට් ගහපු කෙනෙක් ඉන්නවද නැහැනෙ‍ෙ
සියලු දෙනාම ක්රිකට් වලින් ජීවත් වෙන මිනිස්සු.
සියලු දෙනාම ක්රිකට් ජාවාරමෙන් හම්බ කරන මිනිස්සු.“