al-exam-not-change

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.



ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වන දා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.