al-shifa-dead-body

පසුගිය මාසයේදී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගාසා තීරයට රැගෙන ගිය ප්‍රාණඇපකාර කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ඊශ්‍රායලය තහවුරු කර තිබේ. එය මේ වන විට සොයා ගත් දෙවන ප්‍රාණඇපකාර මළ සිරුරයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පැවසුවේ,  19 හැවිරිදි Cpl Noa Marcianoගේ සිරුර අල්-ෂිෆා රෝහලට යාබද ගොඩනැගිල්ලකින් සොයාගත් බවයි.



බ්‍රහස්පතින්දා දිනයේ දි එම රෝහල අසල නිවසක තිබී 65 හැවිරිදි ප්‍රාණ ඇපකරුවෙකුගේ මළ සිරුරක් ද සොයාගත් බව  IDF වාර්ථා කළේය.

ගාසා තීරයේ විශාලතම රෝහලක් වන මෙම අල්-ෂිෆා රෝහල සහ ඒ අවට කලාපය තුළ භට පිරිස් සිය සෝදිසි මෙහෙයුම් දිගටම කරගෙන යයි.

Cpl Marciano මිය ගිය ආකාරය පිළිබඳව වැඩිදුර විස්තරයක් IDF විසින් වාර්ථා නොකරයි.

නොවැම්බර් 9 දා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන්  Marciano මිය ගිය බව හමාස් හමුදා අංශය ප්‍රකාශ කළ නමුත් එය තවමත් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.



ඊශ්‍රායලයට විරුද්ධව හමාස් ප්‍රහාරය සිදු වන දින ඇය Nahal Oz kibbutz නම් සංගීත උළෙලෙහි මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත. දේශසීමා හරහා කඩා වැදුණු තුවක්කු කරුවන් මෙම ස්ථානයටද පහර දී තිබේ.  Cpl Marciano ගේ මව වන Adi Marciano විසින්  කියා සිටියේ ප්‍රහාරය සිදු වූ දින උදෑසන ඇය තම දියණිය සමඟ අවසන් වරට කතා කළ බවයි.

"ඇය ආරක්ෂිත ස්ථානයක සිටින බවත්, හමාස් ප්‍රහාරකයින් සංගීත උළෙල පැවති ස්ථානයට ඇතුල්වී නොමැති බවත් පවසා  Marciano ඇමතුම අවසන් කළ යුතු බව පැවසුවා. මට වෙඩි හඬක් හෝ කෑගැසීම් ඇසුණේ නැහැ. පැය භාගයකට පසු මම නැවත ඇයට පණිවිඩයක් යැව්වා, නමුත් ඇය පිළිතුරු දුන්නේ නැහැ." යනුවෙන් Adi Marciano පැවසුවාය.