කරන් ජොහාර්ගේ Koffee with Karan සංවාදාත්මක වැඩසටහනකට සහභාගී වූබොලිවුඩ් නිළි ආලියා භාත් සහ කරීනා කපූර් සංවාදය අතර තුර සමාජ මාධ්‍යවල නිතර පැතිරෙන බොහෝ කටකතා පිළිබදවද සාකච්ඡා කළහ..
එම අවස්ථාවේ කරන් සමාජ මාධ්‍යවල පැතිරෙන වැරදි කටකතා සම්බන්ධයෙන් ඔබට යම් පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍යදැයි ආලියාගේ ගෙන් විමසු විට ඇය පැවසුවේ
‘වෙලාවකට මම buccal fat (මුඛ කුහර මේද ඉවත් කිරීමේ)සැත්කමක් කළාලු,
සමහර දවසට මම මගේ සම සුදු කරනවාලු, තවත් දවසක මට විවාහ ප්‍රශ්න තියෙනවාලු.
වැරදි වැටහීම් වැරදි අදහස් ගැන මං කරදර වෙන්නෙ නැහැ. ඔබ ඔබට අවශ්‍ය දේ සිදු කරනවා .මම මට අවශ්‍ය දේ සිදු කරනවා.“යනුවෙනුයි.
මෙහිදී කරන් විසින් පෙරලා ඇසූ ප්‍රශ්නය වුයේ ඔය සිදුවෙන අවලාද සඳහා ස්වයංක්‍රීය පණිවිඩයක් තැබීමට ඔබට අවස්ථාවක් ලැබුනොත් ඔබ පවසන්නේ කුමක්ද යනුවෙනි.
එයටද සිනහමුසු ස්වරයෙන් පිළිතුරු දුන් ආලියා භාත් පැවසුවේ “හායි, මේ ආලියා භාත් . ඔබ කියන්නට යන දේ ඔබට හොඳ හැඟීමක් ඇති කරයි නම් කරුණාකර ඉදිරියට ගොස් බීප් හඬට පසු පණිවිඩයක් තබන්න“ යනුවෙනුයි.
ආලියා, මීට පෙර කථාංගයේ දී, රන්බීර් වේශ නිරූපණ වීඩියෝවක තම ලිප්ස්ටික් වලට අකමැති වීම ගැන කතා කිරීමෙන් පසු අන්තර්ජාලය ඇයව වරදවා වටහා ගත් ආකාරය ගැන ද කතා කළාය. “ඇත්ත වශයෙන්ම, රන්බීර් කියන්නේ.... ‘ආලියා, ප්‍රේක්ෂකයන්ට ඔබව අයිතියි, ඔවුන්ට ඔබ ගැන අවශ්‍ය දේ පැවසිය හැකි“ බවයි.
0 Comments