බොහෝ ප්‍රශ්න හමුවේ මිනිසුන් තම ජීවිතය ජය ගන්නට වෙර දරන අවස්ථා අපි අසා ඇත්තෙමු. මුදල් හෝ වෙනත් කිසිදු දෙයක් නොමැති මිනිස්සු තම අනාගතය ගැන විවිධ සිහින දකිමින් ජය ගන්නට වෙර දරති.නමුත් මේ සියල්ල තිබියදි පවා සුළු සිදුවිමක් හමුවේ ජීවිතයෙන් පලා යන මිනිසුන් ගැන කුමක් සටහන් තබන්නට දැයි සිතා ගත නොහැකිය.
ආණමඩුව වෙම්බුවැව පදිංචිව සිටි 33 හැවිරිදි චානක සම්පත් දසනායක ජීවිතය විවිධ බාධක හමුවේ ගොඩ නගා ගනිමින් දරුවන් තිදෙනෙකුට පියකු විය. ඔහු තම අනාගතය මනා ලෙස ගොඩ නගා ගනිමින් සිටියදී කිසිවකුටත් සිතා ගත නොහැකි ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණේ තමන්ගේ අහිංසක දරුවන්ට පියකු අහිමි කරමිනි.
චානක බෝහෝ දෙනෙකු අතර හිත දිනා ගත් තරුණ ව්‍යාපාරිකයකු විය.පොලියට මුදල් ලබා දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය චානක ආණමඩුව හා අවට පුද්ගලයන් රැසකට ණයට මුදල් ලබා දුන්නේය.
චානක පොළියට මුදල් ලබා දෙමින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිටියදී ඔහුගෙ බිරියද වෙනමම එම ව්‍යාපාරය පවත්වාගෙන යාමට කටයුතු කළේ එකම නිවසේ රැඳෙමිනි.
බිරිය පවත්වාගෙන ගිය මුදල් පොලී ව්‍යාපාරය දිනෙන් දින පාඩු ලබන්නට වුයේ පොළියට මුදල් ලබා ගත් පිරිස ඇයට නිසි ලෙස අදාල මුදල් ආපසු ලබා නොදිමේ හේතුවෙනි.
එසේ වන විට චානකගේ බිරිය නිලුකා තම සැමියාගෙ අවසරයෙන් විදේශ රටක රැකියාවක් සදහා පිටත්ව ගියෙ අහිමි වු මුදල් නැවත සොයා ගැනිමේ අරමුණින් බව කියති.
කෙසේ වෙතත් මව නැති නිවසේ වයස අවුරුදු 4 ක් වු පුංචි දියණිය රැක බලා ගැනිමට අසිරු විම මත ඇය චානකගෙ ඥාතියකුට භාර දී තිබුණි. ආණමඩුව නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන වයස අවුරුදු 12 හා 10 සිමාවල පසුවු පුතුන් දෙදෙනා පමණක් චානක භාරයෙ තබා ගත්තේය.බාල දියණිය ඥාතියකුට භාර දෙන්නේ බිරියනැති නිවසේ දරුවන් තිදෙනෙකු රැක බලා ගැනිමේ අසිරුව නිසාවෙනි.
නමුත් මේ සියල්ල හමුවේ තම මුදල් පොලියට දිමේ ව්‍යාපාරයද පවත්වාගෙන යමින් සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවන්නට චානක කටයුතු කර තිබුණි.
තම පුතුන් දෙදෙනා උදැසන පාසල් බසයට රැගෙන යාමත් ආපසු පාසල අවසන්වි නිවෙසට පැමිණෙන බස් රථය පැමිණෙන විට දරුවන් නිවසට රැගෙන ඒමටත් චානකගේ දෛනික දින චර්යාවේ එක් අංගයක් බවට පත්ව තිබුණේය.
වෙම්බුවැව ගම්මානයෙ කුඩා වැවක් ඉදිරිපිට සුවිසල් නිවසක් ඉදිකල චානක එම නිවසේ දරුවන් සමඟ කාලය ගතකලේ කිසිදු සාමකාමීවය.
එදිනද තම දරුවන් පාසල් බසයට රැගෙන බස් රථයට භාර දුන් චානක වෙනදා ලෙසම සුපුරුදු අයුරින් නිවසට පැමිණ තිබුණි.
තම පියා තමන් පාසල් බසයට රැගෙන එන අවසන් දිනය මේ බව දරුවන්ට ද නොසිතුනි. චානකද එය නොසිතන්නට ඇත.
හවල් කාලයෙ මත්පැන් පානය කරමින් කිසිවකු නොමැති නිවසේ කුමන සිදුවිමකට හෝ දැඩි ලෙස කලකිරී සිටි චානක හදිසියෙ ගත් තීරණය කිසිවකුටවත් සිතා ගත නොහැකි වි තිබුණි.
තම සුවිසල් නිවසේ තවමත් වැඩ අවසන් නොවු උඩු මහලේ ඔහු ව්‍යායාම සදහා සකසා ගෙන තිබු කාමරය තුළ වු ඔහු සිය දිවි නසා ගෙන තිබුනේ කිසිවකුටවත් සිතා ගත නොහැකි ලෙසිනි.
චානකගෙ මරණය මේ වන විටත් අභිරහසක්ව පවතින්නේ සිදුවුයේ කුමක් දැයි සිතා ගත නොහැකි ප්‍රශ්න රැසක් මතු කරමිනි.
වෙනදා මෙන් පාසල් ඇරී එද්දී බස් රථය අසලට පැමිණෙන පියා නොපැමිණීම නිසා පා ගමනින් නිවසට පැමිණි දරුවන් නිවසේ දොර පියන් හැර තිබෙනු දැක පියා සොයා නිවස පුරා ඇවිදින විට සිය දිවි නසා ගෙන සිටි පියාගෙ සිරුර දුටු දරුවන් තැබු විලාපය වෙම්බුවැව ගම්මානය කම්පා කරන්නට විය.
චානකගේ මරණය ගැන ඔහුගේ බිරියගේ මව වන කේ.සෝමාවති මහත්මිය පවසන්නට වූයේ “දුව රට ගියේ පුතාගෙ කැමැත්තෙන්.හැබැයි ඒ ගියා කියලා කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ.දරුවොත් එක්ක හොදින් හිටියා අපිටත් හිතා ගන්න බැරි වුනා මේ මරණය ගැන ඇයි මෙහෙම වුනේ කියලා ඇත්තටම පුදුම දුකක් දරුවෝ තුන්දෙනාට දැන් තාත්තා නැති වුණා” යැයි කියාය.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
0 Comments