arjuna-ranatunga-speaks

නවක ක්‍රිකට් පුහුණු සැසියක් වෙනුවෙන් සහභාගී වූ 1996 ලෝක ශූරතාව ලංකාවට ගෙනා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් නායක  අර්ජුන රණතුංග මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය ගැන පැහැදිලි කිරීමක් කළේය.



“ක්‍රිකට් පරිපාලනය කරන අයගේ ඔළු වල ක්‍රිකට් නැහැ. සල්ලි හම්බකරන එක තමයි තියෙන්නෙ. ක්‍රීඩකයන්ට තමයි මේ ක්‍රීඩාවේ දුක තේරෙන්නේ. කැක්කුම තේරෙන්නේ තරග පරදින කොට දුක තේරෙන්නේ ක්‍රිකට් ගහන අයට හා ගහපු අයට.
මේ රටේ විගණකාධිපතිතුමා කියපු දේවල් වලිනුත් ක්‍රීඩාවට යොදවපු මුදල් නාස්ති කළ බව ඔප්පු කර තිබෙනවා.
 අපේ කාලේ අයට තමයි මේ කැක්කුම තියෙන්නේ.



අපේ ක්රීඩකයෝ දක්ෂයි. ඒ ක්රීඩකයන්ව හරි විදිහට යෙදෙව්වොත් හරි සැලසුමක් එක්ක ගියොත් හරි. හොඳම උදාහරණ තමයි එංගලන්ත තරඟය නිකන් අලුත්ම තරඟයක් වුණා නේ. පරණ තත්වෙටම ගියානෙ. මේ ක්රීඩකයන් ගැන නෙමෙයි ප්රශ්න තියෙන්නේ ක්රීඩකයෝ හොඳයි පරිපාලනයෙ තමා ලොකුම දුර්වලතාව තියෙන්නෙ. මම නම් විශ්වාස කරන්නෙ මේ පිටරටවල් වල ඉන්න පුහුණුකරුවෝ මෙතැනට ඇවිල්ලා සැටිපිකට් හදාගෙන උන් සල්ලි හම්බ කරගෙන යනවා. අපේ ඉන්න හොඳම පුහුණුකරුවෝ ටික පිට එහෙම නැත්නම් පැත්තක මෙව්වා වෙනස් වෙන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා.
දැන්මේ මේ ලෝකේ හොඳයි හොඳයි කියන ලොකු උපදේශක වරු ඇවිල්ල මෙතන ක්රිකට්වලට කරපු දෙයින් අද හොඳක් වෙලා තියෙනවද කියන එක  බලන්න ඕන.


 නමුත් අපි ක්‍රිකට් වලට අපිට කණ්ඩායමක් හදනවා නම් 2028 කණ්ඩායමක් හදන්න බෑ. අපි හදන්න ඕනේ දැනට කණ්ඩායමක් එන අවුරුද්දේ ටී20 කප් එකකට කණ්ඩායමක්. ඊට පස්සේ අපි හදන්න ඕනේ පුහුණු කරල උඩට ගන්න නයින්ටීන්  කණ්ඩායමක් එහම නැතුව මේ ක්‍රමවේදය කවුරු කරනවද කියන එක මං දන්නැහැ. හැබැයි මේ රටේ ක්රිකට්වලට ආදරය කරන ක්රිකට් ගහපු ඕන තරම් ඉන්නවා මේකට ඇවිල්ල උදව් කරන්න කියල මං දන්නවා.
මේවා වෙනස් වුණාට පස්සේ මම වගකීමකින් කියන්න මේ තත්ත්ව වෙනස් වුණාට පස්සේ ලංකාවේ ක්රීඩා කරපු ඕන තරම් ක්රීඩකයෝ එළියට ඇවිල්ලා උදව් කරලා මේ ක්රිකට් අපි වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල හදලා ගන්නවා. ක්රිකට් අපිට විනයක් එක්ක ගහන්න පුළුවන් අය ඉදී බැරි අය යයි. හැබැයි අපි ක්රිකට් කණ්ඩායමකුත් හදනවා මහත්වරු ටිකකුත් හදනවා. රටට ආදරේ ක්රීඩකයෝ ටිකක් ගන්න ඔය ටික හැදුණු ගමන් මේ රටේ ක්රිකට් හැදෙනවා. එහෙම නැතුව මුදලට ගහන ක්රීඩා සමාජවල සභාපතිල උප සභාපති වෙලා ඉන්න කණ්ඩායමට එන ක්රමවේද නැති වෙන්න ඕන.

මොකද අපිට ළදරුවොත් එක්ක ගිහින් වර්ල්ඩ් කප් වලට ගහලා දිනන්න බැහැ.

හොඳම උදාහරණය වෙන කවුරු මොනවා කතා කළත් ඉන්දියාව
පහුගිය කාලේ තරුණ ක්රීඩකයෝ හුඟ දෙනෙක් ආදේශ කරා. හැබැයි අන්තිමටම අද අවුරුදු තිස්පහට වැඩි ක්රීඩකයා හයදෙනෙක් ගහනවා. ඉන්දියාව වගේම ඕස්ට්රේලියාවත් එහෙමයි. මේකේ අපිතේරුම්ගන්න ඕන. තරුණ අය එන්න ඕනේ  ඒක ඇත්ත. නමුත් ඔවුන් මේ ක්රමවේදයට එන්න ඕනෙ. නමුත් ඒ වෙලාවේ අපි අන්තිම වෙලා තීරණ ගන්න ඕනේ මේ තරුණ ළමයත් එක්ක ගිහිල්ලා අපි මේ වර්ල්ඩ් කප් එක ගන්න හැටි ගැන සැලසුමක් තියෙන්න ඕන.

අඩුම ගානේ ක්රීඩා ඇමැතිතුමත් එක්ක එකතුවෙලා මේ දූෂිත යො අයින් කරලා පටන් ගත්තොත් එතුමාට මං හිතන්නෙ ගමනක් තියෙයි.
මොකද ක්රිකට් කියන්නේ මේක ක්රීඩාවක් විතරක් නෙමෙයි මේක ඇවිල්ලා ආගමක් වගේ දෙයක් වෙලා.
ත්රී වීලර් එක එලෝන කෙනා එහෙම නැත්නම් පොඩි කඩයක් දාගෙන ඉන්න කෙනාට ක්රිකට් දැනුම තියෙනවා සමහර ක්රිකට් පරිපාලනය කරන අයට වඩා.
 ඒ වගේ පුද්ගලයන් අද පුදුම දුකකින් කණගාටුවෙන් කනස්සල්ලෙන් ඉන්නෙ කරන්න තිබ්බ දේවල් නොකර ඇරියට.“