athurugiriya-jangi-hora-nabbed

නිරුවතින් නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇඳුම් සොරකම සහ කාන්තාවන් නිදියන ආකාරය නරඹමින් සතුටු වන බව කියන පුද්ගලයකු අතුරුගිරිය බක්මීගහ පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව

අතුරුගිරිය පොලිසිය පවසයි.එලෙස නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇඳුම් සමඟින් සොරා ගත් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති

ජංගම දුරකථනයක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සොයාගෙන ඇත.අතුරුගිරිය පෝරේ සහ ප්‍රදේශවල බක්මී ගහ පාර රාත්‍රී කාලයේ සැරිසරන නිරුවත් පුද්ගලයකු පිළිබඳව පැමිණිලි මත ලද තොරතුරක් අනුව නේවාසිකාගාරයක සැඟව සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් බවත් මුහුණ පුරා රැවුල වවා සිටි සැකකරු එම අවස්ථාවේදී රැවුල කපා දමා සැඟව සිටි බව ද පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ජනතාවට කාලයක සිට මහත් කරදරයක්ව පැවැති මෙම නිරුවත් පුද්ගලයා අත්අඩංගුවට ගත්අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව අත්පුඩි ගසමින් සිය සතුට පළ කළ බව ද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව සිරිපුර මීවත්පුර පදිංචිකරුවකු වන 27 හැවිරිදි කම්කරුවෙකි.

විවාහකයකු වන සැකකරු තම ගම් පෙදෙසේ ද මෙවැනි කටයුතුවල නිරතව ඇති බැවින් ප්‍රදේශයේ තබා ගැනීමට නොහැකිව රැකියාවක් සඳහා කොළඹට පිටත් කර එවූ බව සැකකරුගේ බිරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කේ. බුද්ධික කුමාරසිරි