බලංගොඩ උඩවෙල හොරන්කඳුර ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් නිවාස හතරකට හානි සිදුව ඇති බව රත්නපුර ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ නායයාම හේතුවෙන් විපතට පත් පිරිස් මුදාගැනීම සඳහා 08 වන ගැමුණු හේවා බලඇණියේ යුද හමුදා භටපිරිස් එම ස්ථානය වෙත ළඟාවෙමින් සිටින බවය.
බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක් නාය යාමකට හසුවීමෙන් පසු ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.
සම්පූර්ණයෙන්ම යටවූ නිවාසයේ සිටි මව,පියා සහ දියණියන් දෙදෙනකු මේ වන විට සොයා ගත නොහැකිව අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
නාය යාමෙන් අර්ධ හානියට පත්වී ඇති නිවාස දෙකෙහි සාමාජිකයන් නව දෙනකු ඒ ආසන්නයේ පිහිටි වාඩියක ආරක්ෂිතව සිටින බවත් එක් අයකු රෝහල් ගත කළ බවත් තවත් වයොවෘද්ධ පුද්ගලයකු නායට යටවී සිටියදී ප්‍රදේශ වාසීනට මුදවා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
රාත්‍රි කාලය නිසා දැඩි අවධානමක් සහිත වීමත් හේතුවෙන් අතුරුදන් පුද්ගලයන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත්
යම් හෙයකින් අතුරුදන් බව කියන අය ආරක්ෂිතව සිටිනවාදැයි සැකයක් පවතින බව පොලිසිය සදහන් කරයි.
එම ස්ථානයට ඕපනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් හෙට්ටිආරචිචි මහතා ඇතුළු කණ්ඩායමක් හා බලංගොඩ පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් එම ස්ථානයට ළගාවෙමින් සිටිති.
0 Comments