Children-are-alone-at-home-due-to-the-husband-who-beat-his-wife-to-death-with-a-hammer-police-are-looking-for-relatives

අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල. දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවෙසකදී පෙරේදා (04දා) පස්වරුවේ අඹුසැමියන් ලෙස  ජීවත්ව සිටි සැමියා සිය බිරිද ඝාතනය කර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදී සොයා ගත් බව අලුත්ගම පොලීසිය සඳහන් කරයි.

ගයානි ශෂිකා පතිරණ (:32) නමැත්තියක මෙසේ ඝාතනයට ලක්ව ඇති බවත් අපිත් ගුණසිංහ (41) නමැත්තෙකු සියදිවි හානි කරගෙන ඇති බවඳ පොලිසිය කියයි.මෙම දෙදෙනාම පෙර විවාහ සිදු කර ගෙන ඉන් වෙන්ව ඇති බවත් ඝාතනයට ලක් කාන්තාව හා ගෙල වැළලාගෙන ඇති පුද්ගලයා මීට වසර කීපයක සිට එකට ජීවත් ව ඇති බවද පොලීසිය සදහන් කරයි.



බාල දරුවා මෙම දෙදෙනාගේ බවත් සෙසු දරුවත් දෙදෙනා පෙර මෙම කාන්තාවගේ  පෙර විවාහයේ සැමියාගේ දරුවන් බවත් පොලීසිය කියයි.වැඩිමහල් දරුවා ආරණ්‍ය සේනාසනයකට භාරදී ඇති බවත්, අනෙක්  දරුවා මියගිය කාන්තාවගේ මවගේ  භාරයේ සිටින බව කියයි.

ආරවුල ඇති වූ අවස්ථාවේ නිවසේ සිටි බාල දරුවා සියැසින් දැක ඇති බව  විමර්ශන සිදු කරන පොලීසිය අනාවරණය කරගන තිබේ.මින් පෙර තෙවතාවක් පවුල් ආරවුල් තුනක් සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට පැමිලි ලැබී ඇතැයි ද පොලීසිය කියයි.

අදාල  කාන්තාවට ස්ථිර රැකියාවක් නොමැති බවත් පුද්ගලයා මතුගම ප්‍රදේශයේ බේකරියක සේවය කර සිට ඇති බවත් පොලීසිය කියයි.
බිරිද සමග පෙරේදා  4 දා ඇති වූ ආරවුලක් දුරදිග ගොස් හිරමනයකින් ඇගේ හිසට පහරදී ඝාතකයාද ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි විමර්ශන සිදු කරන අලුත්ගම පොලීසිය කියයි.



මෙම  යුවළ මීට වසර දහයකට පමණ පෙර මෙම ප්‍රදේශයට පැමිණ තවකාලිකව කුඩා නිවසක ජීවත්ව ඇති බවත් ප්‍රදේශවාසීන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් හා අලුත්ගම පොලීසිය හා එක්ව ඔවුන් ජීවත් වූ මෙම නිවස ඉදිකර දී ඇති බව ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයා පැවසීය.

ඝාතනයට ලක්වූ කාන්තාව බෙල්ලන ප්‍රදේශයේ පදිංචිව අයෙකු  බවත් සියදිවි හානි කරගත් පුද්ගලයා බිබිල ප්‍රදේශයේ අයෙකු බවත් ඔහුගේ ඥාතීන් සිටී නම් ඉදිරිපත් වන ලෙස අලුත්ගම පොලීසිය ඉල්ලීමක් කරයි.

අලුත්ගම පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තුසිත කුමාර ද සිල්වා