America-is-worried-that-electric-vehicles-(EV)-are-not-selling-as-much-as-expected

මේ වනවිට ඇමරිකාවහෙි මෝටර් රථ නිෂ්පාදකයෝ දැන් වැදගත් පාඩමක් ඉගෙන ගනිමින් සිටිති.
මෝටර් රථ කර්මාන්තය දැන් විදුලි වාහන අලෙවිය පිළිබඳ ගැටලු වලට අත ගසමින් සිටී. ජෙනරල් මෝටර්ස්, ෆෝඩ්, මර්සිඩීස්, නිසාන්, ටොයෝටා සහ ටෙස්ලා පවා ඉල්ලුම මන්දගාමී වීම ගැන කණස්සල්ලට පත්ව ඇති අතර මේ ගැන ඔවුන් සමීක්ෂණ කරමින් සිටී.
ජෙනරල් මෝටර්ස් මේ වනවිට 2024 සඳහා සිය පැවති සැලසුම් වෙනස් කර විදුලි වාහන නිපදවීම අඩු කළ අතර ඔවුන් නව විදුලි ට්‍රක් කම්හලක් විවෘත කිරීමට සිටියත් එයද  ප්‍රමාද කරන බව පවසා තිබේ.
මර්සිඩීස් EV වෙළඳපොළ විස්තර කර ඇත්තේ "ම්ලේච්ඡ" තත්වයක් ලෙසය. ටොයෝටා හි සභාපති අකියෝ ටොයෝඩා පසුගිය සතියේ පැවසුවේ “මිනිසුන් අවසානයේ EV වල යථාර්ථය දකිමින් සිටින” බවයි. ඔහු වැඩි දුරටත් පවසන ආකාරයට ගැටලුව,  ඇත්තේ , EV ගැනුම්කරුවන්ගේ දෙවන පරම්පරාව සහයෝගයෙන් කටයුතු නොකිරීම නිසා බව ඔහු පවසයි.



2003 දී, Eberhard සහ Tarpenning ඔවුන්ගේ නව සමාගම සඳහා පාරිභෝගික දත්ත රැස් කළේ කැලිෆෝනියාවේ ධනවත් උපනගරයක් වන Palo Alto හි වීදිවල ඉහළට සහ පහළට ගමන් කරමින් තදාසන්න වැසියන් සතුව ඇති මෝටර් රථ මොනවාදැයි බැලීමට උත්සුක විමෙනි . එහිදී ඔවුන් ඩොලර් මිලියන දෙකක නිවාස අතර Priuses දැක තිබුණි.

බොහෝ ධාවන පථවල එක් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ එක්  Priuses එකක් තිබූ අතර එය  පරිසර හිතකාමී වූ බවද සදහන් ය.එම නිවාස තුල බොහෝ විට  Porsche සහ Prius දකින්නට විය . නැත්නම් BMW සහ  Prius එකක් විය . එසේත් නැත්නම් නැත්නම් Lexus සහ Prius එහි විය.

ආර්ථික විද්‍යාඥයින් මෙම සංසිද්ධිය හඳුනා ගත්තේ එතැන් සිටය.
ඔවුන් එය හඳුන්වන්නේ “කැපී පෙනෙන සංරක්ෂණය” යනුවෙනි. අදහස වන්නේ සමහර නවීන පාරිභෝගිකයින් ඔවුන්ගේ ‘හරිත නැඹුරුව‘  ප්‍රදර්ශනය කිරීමේ මාර්ගයක් ලෙස පමණක් මෙම නිෂ්පාදන මිලදී ගන්නා බවයි.පරිසරවාදය ධනවතුන්ගේ දොරකඩට පැමිණ තිබුණි.

මේ අනුව, ධනවත් අයට විදුලි මෝටර් රථ අලෙවි කළ හැකි බව ඔවුහු නිගමනය කළහ. ඔවුන් විශ්වාස කළේ EV අවසානයේ මධ්‍යම පන්තිය දක්වා ඇද වැටෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, Eberhard සහ Tarpenning, ඔවුන්ගේ දක්ෂතා සඳහා නිසි ගෞරවය ලබා ගත්තේ කලාතුරකිනි. එතෙක් Detroit හි අලෙවිකරුවන් විශ්වාස කළේ විදුලි මෝටර් රථ වෙළඳපොලේ පහළින් ආරම්භ වී ඉහළට නැඟිය යුතු බවයි. කිසිම සිහි නුවණැති පාරිභෝගිකයෙක් අඩුවෙන් දෙන වාහනයකට වැඩි මුදලක් ගෙවන්නේ නැතැයි ඔවුහු සිතූහ.

 මධ්‍යම පාන්තික පාරිභෝගිකයින්ට සෑම විටම මෝටර් රථ මිලදී ගැනීමට බොහෝ හේතු තිබේ. ඔවුන්ට රැකියාවට යාමට,  විද්‍යාලයට යාමට සහ නිවාඩුවට යාමට ඔවුන්ගේ වාහන අවශ්‍ය වේ. මේ සියලු දේ සඳහා ඔවුන්ට ඒවා මිල අඩු විය යුතුය. EV එකක ආරම්භක පිරිවැය තවමත් ඉතා ඉහළ වන අතර එහි ප්‍රායෝගිකත්වය අතින් ඉතා අඩුය, විශේෂයෙන්ම ධනවතුන් සඳහාම එය නිපදවා ඇත.
මෝටර් රථ කර්මාන්තය දැන් මෙම යථාර්ථයන් වෙත හිස ඔසවමින් සිටී.

ඒකාන්තයෙන්ම මේ යන ක්‍රියාවලියට අනුව ඊළඟ රැල්ලේ ගැනුම්කරුවන් EV එකක් මිල දී නොගන්නා නිසා ඔවුන්ට එය ඔවුන්ගේ Porsche අසල ගාල් කළ හැකි වනු ඇතැයි අධ්‍යයනය අනුව පෙන්වා දී තිබේ.

(Chicago Tribune ඇසුරිනි)