The-untold-story-of-the-artist-who-painted-King-Charles-in-Kenya

මේ දිනවල කෙන්යාවේ සංචාරයක නිරත  බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ආපසු පැමිණෙන විට,  මතකයන් රාශියක් මාලිගාවට ගෙන ඒමට සූදානම් ය. ඒ අතර  දක්ෂ කලාකරුවෙකු ඔහුගේ රූපය කැන්වසයක් මත කළ සිතුවමක්ද තිබේ.  42 හැවිරිදි චිත්‍ර ශිල්පී ෆිලිප් බුටාට  කෙන්යාවේදී රාජකීය සිතුවමක් ඇඳීමට අවස්ථාව ලබා දෙන ලදී.

චාල්ස් වේල්ස් කුමරුව සිටියදී ඔහුට නැගී එන දක්ෂයෙකු ලෙස මින් ඉහත මෙබඳු අවස්ථාවක් ලැබී තිබුණි.
ඔහු රජු ලෙස සිතුවමට නගන්නට ලද දෙවන අවස්ථාව මෙය වන අතර බුටා මහතාගේ අපූරු නොකියූ කතාවක් මෙම හමුවීම පසුපස හෙළි කරයි.

නැගෙනහිර ලන්ඩනයේ ෆොරස්ට් ගේට් හි පිහිටි ශාන්ත බොනවෙන්චර්ස් පාසලේදී වයස 14 දී  ‘ප්‍රින්ස් ඔෆ් වේල්ස් හි තරුණ කලාකරුවන්ගේ සම්මානය‘ ලබාගන්නට බූටාට වාසනාව උදාවිය.

තරුණ කලා කරුවන්ගේ සංසදයේ බුටා මහතා ළාබාලතම ජයග්‍රාහකයා බවට පත් වූ නිසා චාල්ස් හමුවීමට එන්නැයි ඔහුට  ක්ලැරන්ස් හවුස් වෙත ආරාධනාවක් ලැබිණි.



ඉන් පසු ඔහු කලාකරුවෙකු වීමට සහ සුප්‍රසිද්ධ ලන්ඩන් කලා විද්‍යාලය වන සෙන්ට්‍රල් සෙන්ට් මාටින්ස් හි අධ්‍යාපනය ලැබීමට පෙලඹුණි.
 බුටා මහතා වරක් තමා ලද අවස්ථාව පිළිබද මෙසේ පැවසුවේය: 'රජු මගේ ජීවිතය වෙනස් කරා. ඒකෙන් මට තේරුණා සීමා මායිම් නැහැ කියලා.'

2009 දී ඔහුට තමාගේ  සිතුවමක් ඇදීම සදහා වාඩිවෙන ලෙස රජු ඉල්ලා සිටියේය.
ඔහු පවසන පරිදි එවකට රජු ලැජ්ජාශීලී පුද්ගලයෙකු විය. සංචාරක කලාකරුවෙකු ලෙස ඔහුගේ භූමිකාව ගැන කතා කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය..
ඔහු ඇත්තටම මගේ වෘත්තිය ගැන අවධානයෙන් ඉන්නවා.මහරජතුමා මගේ වෘත්තීය බොහොමයක් තැන් වලින් හැඩගස්වලා තියෙනවා.එහෙම අහපු එකම මට ලොකු ගෞරවයක් වුනා.මට ඒක විශ්වාස කරන්න බැරි වුනා.කෙන්යාවේ දී මගේ ඇස ගැටුනේ රජුට ලැබුනු ප්‍රතිචාර පිළිබදවයි.සැබවින්ම ඔහු කලාවට කෙතරම් ඇළුම් කරනවාද යන්න ලෝකය දැනගැනීමට අවශ්‍යයි.

චාල්ස් සහ කැමිලා යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ෆෝට් ජීසස් හිදී, කෙන්යාවේ ඔවුන්ගේ සාර්ථක සිව්දින රාජ්‍ය සංචාරය මේ වනවිට අවසන් කර තිබේ.