ඔබේ බළල් මිතුරු මිතුරියන් එකතු වන සෑම විටම ඔවුන්ගේ ලොම් සහිත මුහුණු යමක් පවසන්නේ දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?
පසුගිය මාසයේ හැසිරීම් ක්‍රියාවලි සම්බන්ධ Behavioural Processes සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී , එක්සත් ජනපද විද්‍යාඥයන් දෙදෙනෙකු ගෘහාශ්‍රිත බළලුන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන විට පෙන්වන විවිධ මුහුණු ඉරියව් 276 ක් සොයාගෙන ඇත.
“අපගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ බළලුන්ගේ සන්නිවේදනය කලින් උපකල්පනය කළ ප්‍රමාණයට වඩා සංකීර්ණ වන අතර, මුහුණේ සංඥා කිරීම මගින් ගෘහාශ්‍රිතකරණයට ඔවුන් සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි. ” යනුවෙන් අධ්‍යයන සම කර්තෘ Lyon College හී සේවය කරන Florkiewicz නම් පරිණාමීය මනෝවිද්යාඥවරියක් පැවසුවාය.
Florkiewicz පැහැදිලි කළේ ගෘහාශ්‍රිත බළලුන් , වල් බළලුන්ට සාපේක්ෂව මිනිසුන්ට සමීපව ජීවත් වෙයි.
එබැවින් පර්යේෂකයන් ධනාත්මක සහ සෘණාත්මක සන්දර්භයන් දැකීමට අපේක්ෂා කළ නමුත්, “ මුහුණේ ඉරියව් 276 නිරීක්ෂණය කිරීම ඔවුන් පුදුමයට පත් කළ බවයි."
තවත් ප්‍රධාන කතුවරයෙක් වන Lauren Scott පවසන පරිදි Cansas විශ්ව විද්‍යාලයේ බළලුන් කෙරෙහි පුද්ගලික උනන්දුවක් දක්වන වෛද්‍ය ශිෂ්‍යයෙකුට අනුව, ගෘහාශ්‍රිතකරණය මගින් බළලුන්ට ඉහළ සමාජ අන්තර්ක්‍රියා වලට ඉඩ සලසයි.
දත්ත රැස් කිරීම සඳහා, ස්කොට් 2021 අගෝස්තු සහ 2022 ජූනි අතර කාලය තුළ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවක සිටි බළලුන් 53ක් රූගත කළේය. මිනිත්තු 194ක වීඩියෝ දර්ශන වලින් ඇය බළල් අන්තර්ක්‍රියා 186ක් පටිගත කළාය.
පර්යේෂකයන් දෙදෙනාම බළලුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද කේතීකරණ පද්ධතියක් සමඟ ප්රකාශනයේ වෙනස්කම් තක්සේරු කළහ. එය cat Facial Action Coding System ලෙස හැඳින්වේ. ඒ තුලින් මුහුණේ මාංශ පේශි චලනයන් ගණන දෙස බලයි. හුස්ම ගැනීම වැනි ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් හා සම්බන්ධ මාංශ පේශි චලනයන් මෙයට ඇතුළත් නොවන බව අධ්‍යයනය වැඩිදුරටත් සඳහන් කළේය.
ඔවුන් විසින් පටිගත කරන ලද සෑම ප්‍රකාශනයකටම අර්ථයක් ආරෝපණය කිරීමට ඔවුන්ට නොහැකි වූ අතර, Florkiewicz සහ Scott විසින් කේතගත ප්‍රකාශනවලින් 45.7% මිත්‍රශීලී වන අතර 37% ආක්‍රමණශීලී බව සොයා ගත්හ.
ඇස් වසාගෙන සිටින විට කන් සහ උඩු රැවුල ඉදිරියට යන විට මිත්‍රශීලී ප්රකාශනයක් පෙන්නුම් කරන බවත්, ආක්‍රමණශීලී බළලෙකුට හැකිළුණු හිසින්, කන් හිසට සමතලා කරන බවත්, පත්‍රයේ විස්තරාත්මකව සඳහන් කර ඇත.
අනාගතයේ දී ඇති තවත් ඉලක්කයක් වන්නේ අනෙක් ප්‍රකාශනවලින් අදහස් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීම සඳහා පසු විපරම් අධ්‍යයනයක් පැවැත්වීමයි, බව ඇය තවදුරටත් පැවසුවාය.
0 Comments