බදාදා කැලිෆෝනියාවේ දී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවති දුර්ලභ හමුවකින් පසු චීනය හා ඇමරිකාව විවිධ ප්‍රශ්න හමුවේ සෘජුව වැඩ කරන්නට පටන්ගත් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඔහු පැවසුවේ “අපි සෘජු, විවෘත, පැහැදිලි සන්නිවේදනයන් වෙත ආපසු යන්නට තිරණය කළෙමු“ ලෙසිනි.
වසරකට වැඩි කාලයක් තුළ මෙම දෙන්නා පෞද්ගලිකව කතා කළ පළමු අවස්ථාව එය විය.
සැන් ෆ්රැන්සිස්කෝහි පැය හතරක් පැවති සාකච්ඡා වලින් අනතුරුව පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී බයිඩෙන් මහතා පැවසුවේ දෙරට අතර සන්නිවේදනයේ ඌනතාවය විවිධ ප්‍රශ්න මතුකළ බවත් දැන් අවශ්‍ය විටෙක "දුරකථනය ගෙන වහාම ඇසීමට හැකි" තත්වයක් ඇති කරගත් බවත්ය.
"ඔහු ඒකාධිපතියෙක්, ඔහු රටක් පාලනය කරන මිනිහෙක් ... අපේ රජයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආණ්ඩු ක්‍රමයක් මත පදනම්ව ඔහු සිටිනවා" ඇමරිකානු ජනපති මාධ්‍ය වෙත පැවසීය.
මෙම හමුවෙන් පසු ගිවිසුම් කිහිපයක් දෙපාර්ශවය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ෆෙන්ටැනයිල් නමැති ඔසුව එක්සත් ජනපදයට ගලා ඒම පාලනය කිරීමට පියවර ගැනීම මෙයට ඇතුළත් වූ අතර එය රට තුළ මරණ වැඩිවීමට දායක වී තිබේ.
ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ පවතින ගැටුම් පිළිබඳව ද නායක දෙපළ සාකච්ඡා කළහ. එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වාර්තාකරුවන්ට පැවසුවේ ඉරානයට ප්රකෝපකාරී නොවන ලෙස කියන්නැයි බයිඩෙන් මහතා චීනයෙන් ඉල්ලා ඇති බවයි.
සුපිරි බලවතුන් දෙදෙනා එක්ව කෘතිම බුද්ධිය (AI) ගැනද සංවාදයකට මුලපුරා ඇත.
පෙබරවාරි මාසයේදී චීන ඔත්තු බැලූ බැලූනයක් එක්සත් ජනපද ගුවන් සීමාවට ඉහළින් වෙඩි තැබීමත් සමඟ සබඳතා නරක අතට හැරුණි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ජුනි මාසයේදී බීජිං වෙත ගිය අතර, දශක භාගයකට ආසන්න කාලයක් තුළ චීන අගනුවරට ගිය වොෂින්ටනයේ ඉහළම නිලධාරිය ඔහු ය. ඔහු ජනාධිපති ෂී සහ විදේශ අමාත්‍ය Qin Gang හමුවිය.
ජනපතිවරුන් අතර හමුවක් සංවිධානය වූයේ ඉන් පසුවය.
0 Comments