The-Webb-telescope-detects-a-distant-galaxy

තාරකා විද්‍යාඥයින් ඈත විශ්වයේ ඇති කුතුහලය දනවන සංසිද්ධියක් සම්බන්ධව විමර්ශනයක් සිදු කර  ඇත.  එය අප ක්ෂීරපථයට සමාන මන්දාකිනියක් වේ.
ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතා කරමින්  , ceers-2112 ලෙස හැඳින්වෙන මෙම දුරස්ථ පද්ධතිය නිරීක්ෂණය කරන ලදී.



අපගේ මන්දාකිණිය මෙන්ම, අලුතින් සොයාගත් ceers-2112 ද සර්පිලාකාර මන්දාකිණියක් වන අතර, එය මෙතෙක් නිරීක්ෂණය කර ඇති වඩාත්ම දුරස්ථ මන්දාකිණියයි. එහි ව්‍යූහ මධ්‍යයේ ඇති තීරුව තරු වලින් නිර්මාණය වී ඇත.

වසර බිලියන 13.8 ක් පමණ ඈත අතීතයේ දී සිදුවූවා යැයි ඇස්තමේන්තු කර ඇති මහා පිපිරුමකින් විශ්වය නිර්මාණය වීමෙන් පසුව මෙම Ceers-2112 බිහි වී ඇත. එසේම එම මන්දාකිණියේ වෙනස් ව්‍යුහය වසර බිලියන 2.1 කට පමණ පසුව ස්ථාපිත වී තිබේ.

"අනපේක්ෂිත ලෙස, මෙම සොයාගැනීමෙන් හෙළි වන්නේ අපේම මන්දාකිණිවලට සමාන ජීවයෙන් යුතු මන්දාකිණි මීට වසර මිලියන 11,700 කට පෙර තිබූ බවයි " යනුවෙන් ප්‍රධාන අධ්‍යයන කතුවරයා වන ලූකා කොස්ටන්ටින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ඔහු  ස්පාඤ්ඤයේ Centro de Astrobiologia හි පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයෙකි.

 අනෙකුත් මන්දාකිණි බොහෝ අක්‍රමවත් වූ කාලයක මෙතරම් හොඳින්, පිළිවෙලට හා ව්‍යුහගත අන්දමින් මන්දාකිනියක් දැකීමට ලැබීම පිළිබදව තාරකා විද්‍යාඥයන් පුදුමයට පත් වූයේය .

Webb ගේ අතිශය සංවේදී ආලෝකය හඳුනාගැනීමේ හැකියාවන් මගින් සිදු කරන ලද මෙම හෙළිදරව්ව, මන්දාකිණි සෑදීම සහ විශ්වයේ ආරම්භක අවධීන් පිළිබඳ විද්‍යාඥයින්ගේ අවබෝධය වෙනස් කිරීමට හේතු වී තිබේ.



"ceers-2112 සොයාගැනීමෙන් පෙන්නුම් කරන්නේ මුල් විශ්වයේ මන්දාකිණි අපගේ ක්ෂීරපථය මෙන්ම සෑදී තිබු බවයි" යනුවෙන් රිවර්සයිඩ් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය පර්යේෂකයෙකු වන අධ්‍යයන සම කර්තෘ ඇලෙක්සැන්ඩර් ඩි ලා වේගා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

තාරකා විද්‍යාඥයන් සිතුවේ අපගේ ක්ෂීරපථය වැනි සර්පිලාකාර මන්දාකිණි , විශ්වයේ ඇති වර්තමාන වයසෙන් අඩක්වත් වන තුරු නොපෙන්වන බවයි. මන්දාකිණි තුළ ඇති දැවැන්ත තාරකා එකතුව මධ්‍යම තීරු සෑදීමට පෙර මන්දාකිණි පරිණාමයට වසර බිලියන කිහිපයක් ගත වූ බව විශ්වාස කිරීම එයට හේතු වී තිබේ.

ක්ෂීරපථයේ මෙන් සර්පිලාකාර මන්දාකිණි තුළ ඇති තරු පිළිවෙළකට භ්‍රමණය වන විට තීරු හැඩය ගනී. මේ වන තුරු, තාරකා විද්‍යාඥයින් විශ්වාස කළේ මුල් මන්දාකිණිවලට තීරු සෑදීමට හෝ පවතින්නට ප්‍රමාණවත් ස්ථායීතාවයක් ඇති බවයි.

නමුත් ceers-2112 සොයාගැනීමෙන් සොයාගෙන ඇත්තේ, මෙම පරිණාමය සඳහා ගත වූයේ වසර බිලියන 1ක් හෝ ඊට අඩු කාලයක් පමණක් බවයි, යැයි ඩි ලා වේගා පවසයි.

"තීරු ස්වාභාවය  සියලුම සර්පිලාකාර මන්දාකිණි වල දක්නට ලැබේ,ceers-2112 හි ඇති තීරුව යෝජනා කරන්නේ මන්දාකිණි පරිණත වී අප කලින් සිතුවාට වඩා වේගයෙන් පෙළ ගැසන බවයි.

එයින් අදහස් වන්නේ මන්දාකිණි සෑදීම සහ පරිණාමය පිළිබඳ අපගේ න්‍යායන්වල සමහර අංගයන් සංශෝධනය කළ යුතු බවයි." ලෙස ද de la Vega වැඩිදුරටත් පැවසීය.

de la Vega විශ්වාස කරන්නේ තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කර ඇති මන්දාකිණි සෑදෙන ආකාරය සහ පරිණාමය වන ආකාරය පිළිබඳ ඔවුන්ගේ න්‍යායික ආදර්ශයන් වෙනස් කිරීමට සිදු වනු ඇති බවයි.

අඳුරු පදාර්ථ සත්‍ය වශයෙන්ම අනාවරණය වී නොමැති අතර, එය විශ්වයේ ඇති මුළු පදාර්ථයෙන් 85%ක් බවට විශ්වාස කෙරේ.

පැරණිතම මන්දාකිණි ඉතා කුඩා වුවද, මුල් මන්දාකිණි වල තීරු හඳුනාගත හැකි බව සොයාගැනීම් තුළින් යෝජනා කරයි.

"ceers-2112 සොයාගැනීම තරුණ විශ්වය තුළ තවත් තීරු සොයා ගැනීමට මග පාදයි, මුලදී, මම හිතුවේ ceers-2112 වැනි මන්දාකිණිවල ඇති තීරුවල ගුණ හඳුනාගැනීම සහ ඇස්තමේන්තු කිරීම අවිනිශ්චිතතාවයන්ගෙන් පිරී යනු ඇති බවයි. නමුත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ බලය සහ අපගේ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රවීණත්වය නිසා තීරුවේ ප්‍රමාණය සහ හැඩය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට අපට හැකි විය." යනුවෙන් de la Vega පැවසීය.