icc-allow-transgender-cricketer-to-play-in-womens-international-cricket

ලිංගිකත්වය වෙනස් කරමින් කාන්තාවන් බවට පත් වූ ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) පියවර ගෙන ඇත. අයි.සී.සී.ය ඉකුත්දා (21දා) ඉන්දියාවේදී පැවති විධායක රැස්වීමේදී මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයි.සී.සී. පවසන්නේ, කාන්තාවන්ට සාධාරණත්වයෙන් යුක්ත සිය ක්‍රීඩාව කරගෙන යාමට හා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.මෙම පියවර මීට පෙර රග්බි, පිහිනුම්, පාපැදි ධාවන, මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා රාශියක ගෙන තිබුණත්, ක්‍රිකට් ක්‍රීඩාවට මෙම නීතිය මේ දක්වා හඳුන්වාදී නොතිබිණි.මේ සඳහා මූලික වූයේ කැනඩා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට

ලිංගික විපර්යාස සැත්කමට භාජනය වී කාන්තාවක් වූ ඩැනියෙල් මැක්ගහේ පැමිණීමත් සමගිනි.

පිරිමියෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ මැක්ගහේ, ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රීඩා සමාජයකද ක්‍රිකට් ක්‍රීඩා කර ඇත. 2020 වර්ෂයේදී කාන්තාවක් වීම ආරම්භ කළ ඇය, 2021 වර්ෂයේදී කාන්තාවක ලෙස පළමුවරට කරලියට පැමිණියාය. පසුව ඇය කැනඩාවේ කාන්තා ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කිරීම ආරම්භ කළ අතර, මේ වසරේ පැවති එරට දේශීය අන්තර් ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවටද පත් වූවාවය.

මේ අනුව ඇය කැනඩා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටද වරම් ලැබූ අතර, එහිදී ඇය කාන්තා විස්සයි20 තරග 06කටද සිය දායකත්වය ලබාදෙමින් ලකුණු 118ක් රැස් කළාය.කෙසේ වෙතත් මෙම නව නීතිර්තිවලට අනුව මැග්ගේට ඉදිරියේදී ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.


ඕෂිත වරකපිටිය